ශ‍්‍රී ලංකා ගුවන් හමුදා තූර්ය වාදක කණ්ඩායමක් අනුරාධපුර ගුවන් හමුදා කඳවුරේ ස්ථාපිත කෙරේ
8:35pm on Wednesday 31st May 2017
ශ‍්‍රී ලංකා ගුවන් හමුදාධිපති එයාර් මාර්ෂල් කපිල ජයම්පති මහතාගේ උපදෙස් මත සාමාජිකයින් 27 දෙනෙකුගෙන් සමන්විත තුර්ය වාදක අංශයක් අනුරාධපුර ගුවන් හමුදා කඳවුරේ පසුගිය 2017 මැයි මස 29 වන දින ස්ථාපිත කරන ලදී.

අනුධරාධපුර ගුවන් හමුදා කඳවුරු අණදෙන නිලධාරී එයාර් කොමඩෝර් එච්එන් අබේසිංහ ආරම්භක උත්සවය සඳහා ප‍්‍රධාන ආරාධිත අමුත්තා වශයෙන් සහභාගී විය. කටුනායක ගුවන් හමුදා කඳවුරු තූර්ය වාදක අංශයේ අණදෙන නිළධාරී විංග් කමාන්ඩර් එම්සී අමරසිංහ, නිළධාරීන්, ගුවන් භටයින් සහ ගුවන් කාන්තාවන් පිරිසක් ද මෙම අවස්ථාවට එක්වූහ.


 
airforce_logo
ශ්‍රී ලංකා ගුවන් හමුදාව
ගුවනේ ආරක්‍ෂකයෝ
National Defence College
© 2024 ශ්‍රී ලංකා ගුවන් හමුදා තොරතුරු තාක්ෂණ අධ්‍යක්ෂකය . සියලුම හිමිකම් ඇවිරිණි