දකුණු සුඩානයේ (UNMISS) සාම සාධක රාජකාරීන් සදහා පිටත්ව යන ගුවන් හමුදා තුන්වන ආදේශන හෙලිකොප්ටර් බලඝණය විසිර යයි
8:29am on Thursday 1st June 2017
දකුණු සුඩානයේ එක්සත් ජාතීන්ගේ සාම සාධක හෙලිකොප්ටර් බලඝණයට අනුයුක්ත ශ‍්‍රී ලංකා ගුවන් හමුදා හෙලිකොප්ටර් බලඝණයේ රාජකාරීන් සඳහා දිවයිනෙන් පිටත්ව යන තුන්වන කණ්ඩායමේ  විසිරයාමේ පෙළපාලිය අද (2017 මැයි 31) දින ගුවන් හමුදා කටුනායක මූලික කදවුරේදී විසිර යන ලදී.

මෙම විසිර ගිය බලඝණය නිළධාරීන් 19 දෙනෙකු සහ සෙසු නිළයන් 85 දෙනෙකුගෙන් සමන්විත වෙයි.

ගුවන් හමුදාධිපති එයාර් මාර්ෂල් කපිල ජයම්පති මහතා විසිරයාමේ පෙළපාලියේ ප‍්‍රධාන ආරාධිත අමුත්තා වශයෙන් සහභාගී වූ අතර මෙම බලඝණයේ අණ දෙන්නා ලෙස විංග් කමාණ්ඩර් කේඒපීඑස් කුරුවිට කටයුතු කරනු ලබයි.

ගුවන් හමුදා මාණ්ඩලික ප‍්‍රධානී එයාර් වයිස් මාර්ෂල් ඩීඑල්එස් ඩයස්, ගුවන් හමුදා අධ්‍යක්‍ෂ මණ්ඩලය මෙන්ම ගුවන් හමුදා නිළධාරින් ඇතුළු සෙසු නිළයන් සහ ඔවුන්ගේ පවුල්වල සාමාජික සාමජිකාවන් විශාල පිරිසක්ද මෙම අවස්ථාව සදහා සහභාගි වූහ.

 
airforce_logo
ශ්‍රී ලංකා ගුවන් හමුදාව
ගුවනේ ආරක්‍ෂකයෝ
National Defence College
© 2024 ශ්‍රී ලංකා ගුවන් හමුදා තොරතුරු තාක්ෂණ අධ්‍යක්ෂකය . සියලුම හිමිකම් ඇවිරිණි