ශී‍්‍ර ලංකා ගුවන් හමුදා සටන් පුහුණු පාසලේ නව රෝහලක් විවෘත කෙරේ
5:48pm on Friday 2nd June 2017
දියතලාව සටන් පුහුණු පාසලේ අලූතින් ඉදිකරන ලද මහල් තුනකින් සමන්විත නව රෝහල් ගොඩනැගිල්ල අද (2017 ජුනි මස 01) දින ශී‍්‍ර ලංකා ගුවන් හමුදාධිපති එයාර් මාර්ෂල් කපිල ජයම්පති මහතාගේ ප‍්‍රධානත්වයෙන් විවෘත කරන ලදි.

මෙම රෝහල තුල වෛද්‍ය ඒකකය දන්ත වෛද්‍ය ඒකකය කායිකරෝගී ප‍්‍රතිකාර ඒකකය වෛද්‍ය රසායනාගාර එක්ස්රේ ඒකකය සහ ෆාමසි පහසුකම් යන අංශයන්ගෙන් සමන්විතව ඉදිකර ඇත. අමතරව භාහිර රෝගී ප‍්‍රතිකාර ඒකකය සහ රෝගීන් හට නේවාසිකව ප‍්‍රතිකාර ලබා ගැනීම සදහා නවාතැන් පහසුකම්ද සලසා ඇත. මෙම කදවුරේ සේවා පුද්ගලයන් හට මෙමගින් වෙනත් රජයේ රෝහල් වෙත ගොස් ප‍්‍රතිකාර ලබා ගැනීමේ අපහසුතාවය මගහරවා ගත හැක.

මෙම අවස්ථාව සදහා ගුවන් හමුදා සේවා වනිතා එ්කකයේ සභාපතිනි අනෝමා ජයම්පති මහත්මිය, ගුවන් හමුදා අධ්‍යක්‍ෂක මණ්ඩලයේ සාමාජිකයින්, ගුවන් හමුදා දියතලාව මූලික සටන් පුහුණු පාසලේ අණදෙන නිළධාරී එයාර් කොමඩෝර් ඩබිඩබිපීඞී ප‍්‍රනාන්දු ඇතුළු නිළධාරීන් සෙසු නිළයන් පිරිසක් සහභාගී විය.

 
airforce_logo
ශ්‍රී ලංකා ගුවන් හමුදාව
ගුවනේ ආරක්‍ෂකයෝ
National Defence College
© 2024 ශ්‍රී ලංකා ගුවන් හමුදා තොරතුරු තාක්ෂණ අධ්‍යක්ෂකය . සියලුම හිමිකම් ඇවිරිණි