ගුවන් හමුදා ජ්‍යේෂ්ඨ බාලදක්‍ෂ කණ්ඩායම ආරම්භ වේ
11:43am on Monday 12th June 2017
ජ්‍යෙෂ්ඨ බාලදක්‍ෂයින් සහ බාලදක්‍ෂයින් යනු බේඩ්න් පවෙල් බාලදක්‍ෂ සංගමයේ අවසන් අදියර වන අවු 18 සහ ඊට වැඩි බලදක්‍ෂයින් වෙයි. මේ සඳහා කාන්තා පිරිමි දෙපාර්ෂවයෙන්ම ඇතුළත් වන අතර මෙය අවසන් වන වයස් සීමාවක් ඇතුළත් නොවේ. ”තරුණ වැඩිහිටි වර්ධනය සඳහා පහසුකම් සැලසීම” මෙම බාලදක්‍ෂ අදියරේ අරමුණ වෙයි. මොවුන් සමාජයේ වගකිවයුතු සාමාජිකයින් බවට පත්කිරීම උදෙසා තම ශරීරය, මනස සහ ආත්මය තමන් විසින්ම පුහුණු කරනු ලබයි.

බාලදක්‍ෂයින් අතර වයස් සීමාව ඉක්මවා වැඩුණු තරුණයින් බාලදක්‍ෂ ව්‍යාපාරයේ වර්ධනය සඳහා යොමු කරගැනීම පිණිස මෙම බාලදක්‍ෂ අවසන් අදියර වර්ෂ 1918 දී පමණ ආරම්භ කරන ලදී. අනතුරුව එය ඉතා ඉක්මනින් ලොව පුරා ජාතික බාලදක්ෂ සංවිධාන විසින් සම්මත කර ගන්නා ලදී.

ශ‍්‍රී ලංකා ගුවන් හමුදා බාලදක්‍ෂ සංගමයේ පළමු ජ්‍යේෂ්ඨ බාලදක්‍ෂ සමුළුව ගුවන් හමුදා බාලදක්‍ෂ කණ්ඩායම් ප‍්‍රධානී විංග් කමාන්ඩර් පමින්ද ජයවර්ධන, බාලදක්‍ෂ කණ්ඩායම් උප ප‍්‍රධානී විංග් කමාන්ඩර් සුජීව පොන්නම්පෙරුම සහ ගුවන් හමුදා ජ්‍යේෂ්ඨ බාලදක්‍ෂ කණ්ඩායම් නායක ස්කොඩ්රන් ලීඩර් ජීඩීඑම්ආර් ගම්ලක්‍ෂගේ සහ මේ සඳහා උනන්දුවක් දක්වන තරුණ තරුණියන් පිරිසකගේ සහභාගීත්වයෙන් 2017 ජූනි මස 10 වන දින රත්මලාන ගුවන් හමුදා කඳවුරු පරිශ‍්‍රයේදී පවත්වන ලදී.

බාලදක්‍ෂ ව්‍යාපාරය දිවයිනේ ප‍්‍රචලිත කිරීමේ එක් අදියරක් වශයෙන් කොග්ගල ගුවන් හමුදා කඳවුර මූලික කරගනිමින් ගාල්ල ප‍්‍රදේශයේ පාසල් සිසු දරු දැරියන් හට ගුවන් හමුදා බාලදක්‍ෂ කණ්ඩායම හා සම්බන්ධ වීමේ අවස්ථාවක් ලබා දී ඇත. ජ්‍යේෂ්ඨ බාලදක්‍සයින් විසින් පවත්වනු ලැබූ බඳවා ගැනීමේ මූලික සම්මුඛ පරීක්‍ෂණය සඳහා ළමුන් 200 ක් පමණ සහභාගී විය.

රත්මලාන ගුවන් හමුදා කඳවුර



කොග්ගල ගුවන් හමුදා කඳවුර

 
airforce_logo
ශ්‍රී ලංකා ගුවන් හමුදාව
ගුවනේ ආරක්‍ෂකයෝ
National Defence College
© 2024 ශ්‍රී ලංකා ගුවන් හමුදා තොරතුරු තාක්ෂණ අධ්‍යක්ෂකය . සියලුම හිමිකම් ඇවිරිණි