ජපන් ශී‍්‍ර ලංකා මිත‍්‍රත්ව සංගමය මගින් ශී‍්‍ර ලංකා ගුවන් හමුදාවට තවත් පරිත්‍යාගයන් රැසක්
1:09pm on Monday 19th June 2017
ජපන් ශී‍්‍ර ලංකා මිත‍්‍රත්ව සංගමය විසින් ශී‍්‍ර ලංකා ගුවන් හමුදාව වෙත ජපන් රජයේ ආධාර යටතේ ගිනි නිවාරණ රථයක් සහ ගිලන් රථයක් ප‍්‍රදානය කිරීමෙ උත්සවයක් අද (2017 ජුනි මස 19) දින ශී‍්‍ර ලංකා ගුවන් හමුදා මුලස්ථානයේදී පවත්වන ලදි. මෙම අවස්ථාව සදහා ගුවන් හමුදාධිපති එයාර් මාර්ෂල් කපිල ජයම්පති මහතා සහභාගී වූ අතර උත්සවය අතරතුර ජපන් දූත පිරිස විසින් එතුමන් වෙත එම රථයන්හි යතුරු භාර දීමට කටයුතු කරන ලදි.

මීට අමතරව එම නියෝජිත පිරිස විසින් ශී‍්‍ර ලංකා ගුවන් හමුදා සේවා වනිතා ඒකකය වෙත ශිෂ්‍යත්ව සහ ඇස් කණ්ණාඩි ලබා දීමට කටයුතු කරන ලදි. මෙම පරිත්‍යාගයන් මීට පෙරද ජපන් ශී‍්‍ර ලංකා මිත‍්‍රත්ව සංගමය විසින් ගුවන් හමුදාව වෙත ලබා දී ඇති අතර ශී‍්‍ර ලංකා ගුවන් හමුදාව සමග සහයෝගීතාවය වර්ධනය කර ගැනීමට මෙමගින් උපකාරී වේ.

මෙම පරිත්‍යාගයන් අගයමින් උත්සවය අතරතුර විශේෂ සංස්කෘතික වැඩසටහන් කිහිපයක්ද ඔවුන් හට නැවුම් වු අත්දැකීමක් ලබා දීම සදහා ඉදිරිපත් කරන ලදි.

මෙම අවස්ථාවට ජපන් ශී‍්‍ර ලංකා මිත‍්‍රත්ව සංගමයේ ප‍්‍රධානි ලෙස කටයුතු කරන වෛද්‍ය තිලකරත්න මහතා ඇතුලු එම සංගමයේ නියෝජ්ිතයන් පිරිසක් සහභාගී වි සිටියහ.  

මීට අමතරව ගුවන් හමුදාව නියෝජනය කරමින් ගුවන් හමුදා අධ්‍යක්‍ෂක මණ්ඩලය නිළධාරීන් ඇතුලු සෙසු නිළයන් පිරිසක්ද සහභාගී වි සිටියහ.

 
airforce_logo
ශ්‍රී ලංකා ගුවන් හමුදාව
ගුවනේ ආරක්‍ෂකයෝ
National Defence College
© 2024 ශ්‍රී ලංකා ගුවන් හමුදා තොරතුරු තාක්ෂණ අධ්‍යක්ෂකය . සියලුම හිමිකම් ඇවිරිණි