ගුවන් හමුදාධිපතිතුමාගේ වාර්ෂික පරීක්‍ෂණය ගුවන් හමුදා මොරවැව කදවුර
7:34am on Friday 30th June 2017
ගුවන් හමුදාපතිතුමන්ගේ වාර්ෂික පරීක්‍ෂණය සිදු කරමින් 2017 ජුනි මස 29 වන දින ගුවන් හමුදා මොරවැව කදවුර ගුවන් හමුදාධිපති එයාර් මාර්ෂල් කපිල ජයම්පති මැතිතුමන් විසින් පරීක්‍ෂාවට ලක් කරන ලදී.

ශී‍්‍ර ලංකා ගුවන් හමුදා මොරවැව කදවුරේ අණදෙන නිලධාරී  විංග් කමාන්ඩර් සීආර්ඩී ගුණවර්ධන නිළධාරී විසින් උත්තමාචාර පෙල පාලියක් මගින් ආචාර පුදකරමින් එතුමන් මහත් හරසරින් පිළිගනු ලැබීය.

පෙළපාලිය අතරතුර ශී‍්‍ර ලංකා ගුවන් හමුදාවේ වර්ධනය සදහා සිදු කල සුවිශේෂි සේවාව අගය කිරීමක් වශයෙන් පහත සදහන් සේවා පුද්ගලයන් හට ප‍්‍රශංසා සහතිකපත් ප‍්‍රදානයක්ද සිදු කරන ලදි.

17942 බලපන්ති සැරයන් බණ්ඩාර එම්කේඩබිකේ (මෙහෙයුම් භූමි 1
25459 කෝප‍්‍රල් සම්පත් ඒපීඑන් (මෙහෙයුම් භූමි 1
019882 නායක ගුවන් භට චාමින්ද කුමාර එම්ඩබි (වඩු කාර්මික

පරීක්ෂණය අතරතුර ගුවන් හමුදාධිපතිතුමන් විසින් කඳවුරු පරිශ‍්‍රය පරීක්ෂාවට ලක් කල අතර කදවුරේ අලුතින් ඉදිකරන ලද බිලියට් කි‍්‍රඩා අංශය එතුමන් විසින් විවෘත කරනු ලැබීය.

වාර්ෂික පරීක්‍ෂණය සාර්ථක ලෙස අවසන් කිරීම පිළිබඳව ගුවන් හමුදාධිපතිතුමන් විසින් සියලු නිළධාරීන් සහ සෙසු නිළයන් ඇමතීම සිදු කල අතර කදවුර මෙම මට්ටම කරා ගෙන ඒමට කැපවූ සියලු දෙනා හට  එතුමන් විසින් ස්තුතිය පුද කරන ලදි.

 
airforce_logo
ශ්‍රී ලංකා ගුවන් හමුදාව
ගුවනේ ආරක්‍ෂකයෝ
National Defence College
© 2024 ශ්‍රී ලංකා ගුවන් හමුදා තොරතුරු තාක්ෂණ අධ්‍යක්ෂකය . සියලුම හිමිකම් ඇවිරිණි