ශ‍්‍රී ලංකා ගුවන් හමුදා අන්තර් ඒකක හොකී තරගාවලිය - 2017
7:46am on Monday 3rd July 2017
ශී‍්‍ර ලංකා ගුවන් හමුදාව විසින් වාර්ෂිකව සංවිධානය කරනු ලබන ගුවන් හමුදා අන්තර් ඒකක හොකී තරඟාවලිය ඒකල ගුවන් හමුදා කදවුරු හොකී කි‍්‍රඩාංගනයේදී 2017 ජුනි මස 30 වන දින පැවැත්විණි. මේ සදහා  ගුවන් හමුදා කඳවුරු නියෝජනය කරමින් හොකී කණ්ඩායම් 12 ක් පමණ සහභාගී වූ අතර පිරිමි අවසන් තරඟය සඳහා කොළඹ ගුවන් හමුදා කදවුරු කණ්ඩායම සහ බණ්ඩාරනයාක ජාත්‍යන්තර ගුවන් තොටුපළ කඳවුරු කණ්ඩායම සුදුසුකම් ලැබීය. කාන්තා අවසන් තරඟය සදහා කොළඹ ගුවන් හමුදා කදවුරු කණ්ඩායම සහ ගුවන් හමුදා ඒකල වෘත්තීය පුහුණු පාසැල් කඳවුරු කණ්ඩායම සුදුසුකම් ලැබීය.

එහි කාන්තා සහ පිරිමි ශූරතාවයන් ද්විත්වයම දිනා ගැනීමට ශ‍්‍රී ලංකා ගුවන් හමුදා කොළඹ කඳවුර සමත්කම් දක්වන  ලදී.

පිරිමි හා කාන්තා අනුශූරතාව පිලිවෙලින් බණ්ඩාරනයාක ජාත්‍යන්තර ගුවන් තොටුපළ කඳවුරු කණ්ඩායම හා ගුවන් හමුදා ඒකල වෘත්තීය පුහුණු පාසැල් කඳවුරු කණ්ඩායම සමත්කම් දක්වන  ලදී.

කුසලාන හා සහතිකපත් ප‍්‍රධානෝත්සවය සඳහා ගුවන් යානා ඉංජිනේරු අධ්‍යක්ෂක එයාර් වයිස් මාර්ෂල් එම් ඩී රත්නායක මහතා ප‍්‍රධාන ආරාධිත අමුත්තා ලෙස  සහභාගී වූ අතර අනෙකුත් නිළධාරීන් සහ සෙසු නිළයන් රැසක්ද මෙම අවස්ථාවට සහභාගී වූහ.

තරග ප්‍රතිපල
පිරිමි 11දෙන්කුගෙන් යුත් කණ්ඩායම් තරගය
ශූරතාවය -ගුවන් හමුදා කොළඹ කඳවුර
අනුශූරතාවය - බණ්ඩාරනයාක ජාත්‍යන්තර ගුවන් තොටුපළ කඳවුර

පිරිමි සත් සාමාජික තරගය
ශූරතාවය -කටුනායක රෙජිමේන්තු පක්ෂාංගය
අනුශූරතාවය - කටුනායක ඉංජිනේරු පක්ෂාංගය

කාන්තා සත් සාමජික තරගය
ශූරතාවය -ගුවන් හමුදා කොළඹ කඳවුර
අනුශූරතාවය - ගුවන් හමුදා ඒකල වෘත්තීය පුහුණු පාසැල


airforce_logo
ශ්‍රී ලංකා ගුවන් හමුදාව
ගුවනේ ආරක්‍ෂකයෝ
National Defence College
© 2024 ශ්‍රී ලංකා ගුවන් හමුදා තොරතුරු තාක්ෂණ අධ්‍යක්ෂකය . සියලුම හිමිකම් ඇවිරිණි