ශ‍්‍රී ලංකා ගුවන් හමුදාව වාර්ෂික පිණ්ඩපාත දානයට දන් පිළිගන්වයි
6:28pm on Sunday 9th July 2017
කොළඹ කොටුව ශ‍්‍රී සම්බුද්ධාලෝක විහාරය සහ කොළඹ බෞද්ධ සංගමය එක්ව වාර්ෂිකව සංවිධානය කරනු ලබන පිණ්ඩපාත වැඩසටහන සඳහා ශ‍්‍රී ලංකා ගුවන් හමුදාව පාසල් පොත්, වියළි ආහාර සහ පිරිකර භාණ්ඩ පූජා කිරීම සිදු කරන ලදී.

ශ‍්‍රී ලංකා ගුවන් හමුදා සේවා වනිතා ඒකකයේ සභාපතිනී අනෝමා ජයම්පති මහත්මිය, ගුවන් හමුදා අධ්‍යක්‍ෂක මණ්ඩලය, නිළධාරීන්, සෙසු නිළයන් සහ සිවිල් සේවක මහත්ම මහත්මීන් විසින් 2017 ජූලි මස 05 වන දින උදෑසන පිණ්ඩපාත පෙරහැරේ වැඩම කරන ලද 100 නමක්වූ භික්‍ෂූන් වහන්සේලා හට පිරිකර ද‍්‍රව්‍ය පූජා කිරීම සිදු කරන ලදී.

 
airforce_logo
ශ්‍රී ලංකා ගුවන් හමුදාව
ගුවනේ ආරක්‍ෂකයෝ
National Defence College
© 2024 ශ්‍රී ලංකා ගුවන් හමුදා තොරතුරු තාක්ෂණ අධ්‍යක්ෂකය . සියලුම හිමිකම් ඇවිරිණි