කටුනායක ගුවන් හමුදා රෝහල සිය 70 වන සංවත්සරය සමරයි
3:29pm on Thursday 27th July 2017
කටුනායක ගුවන් හමුදා රෝහල සිය 70 වන සංවත්සරය පසුගියදා (2017 ජූලි 23) එම රෝහල් පරිශ‍්‍රයේදී සමරනු ලැබීය. මෙම සංවත්සර දිනයට සමගාමීව 2017 ජූලි මස 25 දින රෝහල් පරිශ‍්‍රයේදී සර්ව රාති‍්‍රක පිරිත් සජ්ජායනයක් පවත්වන ලදී.

"ධාතු කරඩුව" වර්ණවත් පෙරහැරකින් රෝහල වෙත වඩම්වා පිරිත් මණ්ඩපය තුළ තැම්පත් කිරීමෙන් අනතුරුව 2017 ජූලි මස 26 දින සර්ව රාති‍්‍රක පරිත‍්‍රාණ ධර්ම දේශනාවක් පවත්වා පසුදින උදෑසන භික්ෂුණි වහන්සේලා වෙත දානය පිළිගන්වන ලදි.

කටුනායක කඳවුරේ රෝහල් අණදෙන නිලධාරී  ගෲප් කපිතාන් එන් ඩබ් අබේසේකර ඇතුළු රෝහලේ සියලුම නිලධාරීන්, සෙසු නිලයන් සහ සිවිල් කාර්ය මණ්ඩලය මෙම පුණ්‍යමය කටයුත්ත සදහා දායකත්වය ලබා දෙන ලදි.


airforce_logo
ශ්‍රී ලංකා ගුවන් හමුදාව
ගුවනේ ආරක්‍ෂකයෝ
National Defence College
© 2024 ශ්‍රී ලංකා ගුවන් හමුදා තොරතුරු තාක්ෂණ අධ්‍යක්ෂකය . සියලුම හිමිකම් ඇවිරිණි