අම්පාර ප්‍රදේශයේ අඩු පහසුකම් සහිත පාසල් දරුවන් උදෙසා සමාජ සත්කාර වැඩසටහනක්
9:26am on Wednesday 9th August 2017
ශ්‍රී ලංකා ගුවන් හමුදා සේවා වනිතා ඒකය විසින් සංවිධානය කරන ලද තවත් සමාජ සත්කාර වැඩසටහනක් අම්පාර ප්‍රදේශයේ අඩු පහසුකම් සහිත පාසල් දරුවන් උදෙසා  2017 අගෝස්තු මස 08 වන දින  අම්පාර ගුවන් හමුදා කඳවුරේ සහයෝගයෙන් පවත්වන ලදී.

මෙම වැඩසටහන ගුවන් හමුදා අම්පාර කඳවුරු අණදෙන නිළධාරී තුමන්ගේ ඉල්ලීම මත ශ්‍රී ලංකා ගුවන් හමදා සේවා වනිතා ඒකකයේ සභාපතිණී අනෝමා ජයම්පති මහත්මියගේ ප්‍රධානත්වයෙන් සිදු කෙරුණි.

මෙහිදී අභයපුර ගැමුණු පෙර පාසලේ දරුවන් 16 දෙනෙකු වෙත පාසල් බෑග්, පාසල් නිළ ඇඳුම්, කී‍්‍රඩා උපකරණ හා පොත් බෙදාදීම  සිදුකරන ලද අතර සිවිල් වැසියන් අතර ඇස් කන්නාඩි 1000  බෙදා දීම ද සිදුකරණ ලදී.

මෙම අවස්ථාවට ගුවන් හමදා සේවා වනිතා ඒකකයේ සභාපතිණී අනෝමා ජයම්පති මහත්මිය, ගුවන් හමුදා අමිපාර  කඳවුරු අණදෙන නිළධාරී තුමන්, ගුවන් හමුදා සේවා වනිතා ඒකකයේ නිලධාරීන් හා සාමාජිකයන්,  නිළධාරීන් සහ සෙසු නිලයන් මෙම අවස්ථාවට සහභාගී වූහ.


airforce_logo
ශ්‍රී ලංකා ගුවන් හමුදාව
ගුවනේ ආරක්‍ෂකයෝ
National Defence College
© 2024 ශ්‍රී ලංකා ගුවන් හමුදා තොරතුරු තාක්ෂණ අධ්‍යක්ෂකය . සියලුම හිමිකම් ඇවිරිණි