ගුවන් හමුදාවේ වාර්ෂික පිරිත් දේශනය
10:47am on Sunday 20th August 2017
ශී‍්‍ර ලංකා ගුවන් හමුදා සකි‍්‍රය සේවයේ යෙදී සිටියදී මිය ගිය සහ අතුරුදහන් වූ රණවිරුවන් සිහිපත් කරමින් ඔවුන්ට ආශිර්වාද  ලබා දීම සදහා සර්ව රාති‍්‍රක පිරිත් දේශනයක් ශී‍්‍ර ලංකා ගුවන් හමුදා ඒකල වෘත්තීය පුහුණු පාසලේදී ඊයේ (2017 අගෝස්තු 18)  දින රාති‍්‍රය පුරාවට  පැවැත්විණි. අනතුරුව පසුදින උදෑසන (2017 අගේස්තු 19) ගරු මහා සංඝරත්නයේ සංඝයා වහන්සේලා 100 නමක් උදෙසා දානය පිළිගන්වන ලදි.

සදාතුක කරඩුව කදවුර වෙත වැඩම කරවීම වර්ණවත් පෙරහැරකින් සිදු කල අතර අනතුරුව ගුවන් හමුදාපති එයාර් මාර්ෂල් කපිල ජයම්පති මහතා විසින්  කරඩුව පිරිත් මණ්ඩපයේ තැම්පත් කරන ලදි. ඉන් අනතුරුව සර්ව රාති‍්‍රක පරිත‍්‍රාණ ධර්ම දේශනාව පැවැත්වූ අතර දානමය පිංකම සෙනසුරාදා උදේ මහා සංඝරත්නය උදෙසා පිලිගන්වන ලදි.

ගුවන් හමුදා මාණ්ඩලික ප‍්‍රධානී එයාර් වයිස් මාර්ෂල් සුමංගල ඩයස්, ගුවන් හමුදා අධ්‍යක්‍ෂක මණ්ඩල සාමාජිකයින්, ජ්යෙෂ්ඨ නිළධාරීන්, සෙසු නිලයන්, මියගිය රණවිරුවන්ගේ භාර්‍යාවන් සහ ළමුන්, සිවිල් කාර්ය මණ්ඩලය හා පවුල්වල සාමාජිකයන් ඇතුළු පිරිසක්  සර්ව රාති‍්‍රක පරිත‍්‍රාණ ධර්ම දේශනාව ශ‍්‍රවනය කිරීමට සහ දානමය කටයුත්ත සදහා සහභාගි වූහ.


  
airforce_logo
ශ්‍රී ලංකා ගුවන් හමුදාව
ගුවනේ ආරක්‍ෂකයෝ
National Defence College
© 2024 ශ්‍රී ලංකා ගුවන් හමුදා තොරතුරු තාක්ෂණ අධ්‍යක්ෂකය . සියලුම හිමිකම් ඇවිරිණි