අණදෙන නිළධාරීන් වෙනුවෙන් පරිපාලන සහ කළමණාකරණ සංවර්ධන වැඩසටහන
12:56pm on Tuesday 29th August 2017
අණදෙන නිළධාරීන් උදෙසා පවත්වනු ලැබූ එකොළොස්වන පරිපාලන සහ කළමණාකරන සංවර්ධන අධ්‍යයන වැඩසටහන පසුගිය අගෝස්තු මස 25 වන දින චීන වරාය ගුවන් හමුදා විද්‍යාපීඨයේදී නිමාවට පත්විය. මෙම වැඩසටහන අගෝස්තු මස 23 වන දින සිට අගෝස්තු මස 25 වන දින දක්වා පවත්වන ලදී.

මෙම පුහුණු වඩසටහන පැවැත්වීමේ අරමුණ වූයේ ආයතනික සංස්කෘතීන් හා පරිපාලන පරිසරය තුල අභියෝග වලට මුහුණ දීමට ශී‍්‍ර ලංකා ගුවන් හමුදාවේ අණදෙන නිළධාරීන්ගේ පරිපාලන සහ කළමණාකරන කාර්ය සාධන හැකියාව වර්ධනය කිරීමයි. පුහුණු වැඩසටහන ආරම්භ කරමින් කනිෂ්ඨ අණ හා මාණ්ඩලික පුහුණු පාසලේ අණදෙන නිළධාරී ගෲප් කැප්ටන් එස්ඩීජීඑම් සිල්වා විසින් දේශනයක් පැවැත්වූ අතර පුහුණු වැඩසටහන අවසානයේ චීන වරාය විද්‍යාපීඨ පීඨාධිපති එයාර් කොමඩෝර් එච් එස් එස් තුයියකොන්තා විසින් සියළු දෙනා අමතන ලදි.

එසේම මෙහිදී අණදෙන නිළධාරීන්  එකිනෙකා අතර තම අත්දැකීම් හා දැනුම හුවමාරු කරගැනීමද සිදුවිය. මෙම පුහුණු සැසියේ දේශන සහ විෂයන් පරිනත උපදේශකයන් විසින් මෙහෙයවනු ලැබූ අතර ඵලදායී සාකච්ඡා සැසි සමගින් විශාල විෂය පථයක් ආවරණය කරන ලදී.

 
airforce_logo
ශ්‍රී ලංකා ගුවන් හමුදාව
ගුවනේ ආරක්‍ෂකයෝ
National Defence College
© 2024 ශ්‍රී ලංකා ගුවන් හමුදා තොරතුරු තාක්ෂණ අධ්‍යක්ෂකය . සියලුම හිමිකම් ඇවිරිණි