අධිකාරී නොලත් නිළධාරීන්ගේ කළමණාකරන පාසල සිය 17 වන සංවත්සරය සමරයි
4:40pm on Monday 4th September 2017
චීන වරාය ගුවන් හමුදා විද්‍යාපීඨයේ පිහිටි අධිකාරී නොලත් නිළධාරීන්ගේ කළමණාකරන පාසල සිය 17 වන සංවත්සරය පීඨාධිපති එයාර් කොමඩෝර් එච්එස්එස් තුයියකොන්තා සහ කළමණාකරන පාසල් අණදෙන නිළධාරී විංග් කමාන්ඩර් ආර්ඒඩීඑස්ජේපී රණසිංහ ගේ අනුදැනුම හා මඟපෙන්වීම මත 2017 සැප්තැම්බර් මස 01 වන දින සමරන ලදී.

සංවත්සරයට සමගාමීව 2017 අගෝස්තු මස 27 වන දින චීන වරාය බෝධිරාජාරාම විහාරස්ථානයේ සහ ශාන්ත අන්තෝනි දේවස්ථානයේ ශ‍්‍රමදාන වැඩසටහන් මාලාවක්ද සියළුම නිළයන්ගේ සහභාගීත්වයෙන් පවත්වන ලදී. 2017 අගෝස්තු මස 31 වන දින චීනවරාය බෝධිරාජාරාම විහාරස්ථානයේ බොධි පූජා පින්කමක් පවත්වන ලදී. 2017 සැප්තැම්බර් මස 01 වන දින සංවත්සර දින සැමරුම් වැඩසටහන් මාලාව ආරම්භ කරමින් කඳවුරු පෙළපාලිභූමියේ සංවත්සර දින පෙළපාලිය පවත්වන ලද අතර අනතුරුව සියළු නිළයන්ගේ සහභාගීත්වයෙන් කි‍්‍රකට් තරඟාවළියක්ද පවත්වන ලදී.

airforce_logo
ශ්‍රී ලංකා ගුවන් හමුදාව
ගුවනේ ආරක්‍ෂකයෝ
National Defence College
© 2024 ශ්‍රී ලංකා ගුවන් හමුදා තොරතුරු තාක්ෂණ අධ්‍යක්ෂකය . සියලුම හිමිකම් ඇවිරිණි