අන්තර් ඒකක කායවර්ධන ශූරතාවය 2017
8:56am on Wednesday 6th September 2017
2017 ශ‍්‍රී ලංකා ගුවන් හමුදා අන්තර් ඒකක කායවර්ධන ශූරතාවලිය පසුගිය 2017 සැප්තැම්බර් මස 04 වන දින ඒකල ශ‍්‍රී ලංකා ගුවන් හමුදා වෘත්තීය පුහුණු පාසලේදී අති සාර්ථක අයුරින් නිමාවට පත්විය. ශ‍්‍රී ලංකා ගුවන් හමුදා රත්මලාන කඳවුරු තාක්‍ෂණික පක්‍ෂාංගය එහි සමස්ථ ශූරතාවය දිනා ගැනීමට සමත් වූ අතර ශ‍්‍රී ලංකා ගුවන් හමුදා කොළඹ කඳවුර අනු ශූරතාවය දිනා ගන්නා ලදී.

ගුවන් හමුදා ගුවන් යානා ඉංජිනේරු අධ්‍යක්‍ෂක එයාර් කොමඩෝර් එම්ඩී රත්නායක ප‍්‍රධාන ආරාධිත අමුත්තා වශයෙන් මෙම අවස්ථාවට සහභාගී වූ අතර ගුවන් හමුදා කායවර්ධන සංචිතයේ සභාපති ගෲප් කැප්ටන් එස්එන් ප‍්‍රනාන්දුපුල්ලේ, ගුවන් හමුදා නිළධාරීන් සහ සෙසු නිළයන් රැසක් ද මෙම අවස්ථාවට එක්වූහ.


 
airforce_logo
ශ්‍රී ලංකා ගුවන් හමුදාව
ගුවනේ ආරක්‍ෂකයෝ
National Defence College
© 2024 ශ්‍රී ලංකා ගුවන් හමුදා තොරතුරු තාක්ෂණ අධ්‍යක්ෂකය . සියලුම හිමිකම් ඇවිරිණි