20 වන ගුවන් ලක් සෙවන නිවස ප‍්‍රදානය කෙරේ
9:42am on Thursday 21st September 2017
ශ‍්‍රී ලංකා ගුවන් හමුදා සේවා වනිතා ඒකකය මගින් ක‍්‍රියාත්මක ”ගුවන් ලක් සෙවන” නිවාස ව්‍යාපෘතිය යටතේ අළුතින් ඉදිකරන ලද නව නිවසක් 013256 කෝප‍්‍රල් ජයලත් ඩබ් ජී පී (මෙහෙයුම් භූමි) හට ප‍්‍රදානය කරන ලදී. මෙම නිවස ප‍්‍රදානය කිරීමේ උත්සවය ගුවන් හමුදාධිපති එයාර් මාර්ෂල් කපිල ජයම්පති මැතිතුමාගේ ප‍්‍රධානත්වයෙන් අදි (2017 සැප්තැම්බර් මස 20 වන) දින මාතලේ, කවටයමුණ ප‍්‍රදේශයේදී සිදු කරන ලදී.

මෙම ව්‍යාපෘතිය සඳහා අරමුදල් ශ‍්‍රී ලංකා ගුවන් හමුදා සේවා වනිතා ඒකකය විසින් සපයනු ලැබූ අතර ඉදිකිරීම් කටයුතු සිවිල් ඉංජිනේරු පක්‍ෂාංගය සහ සීගිරිය ගුවන් හමුදා කඳවුර විසින් සිදු කරන ලදී. සමස්ත ව්‍යාපෘතිය ගුවන් හමුදා සිවිල් ඉංජිනේරු අධ්‍යක්‍ෂකයේ පූර්ණ අධීක්‍ෂණය යටතේ සිදු කරන ලදී.

ශ‍්‍රී ලංකා ගුවන් හමුදා සේවා වනිතා ඒකකයේ සභාපතිනී අනෝමා ජයම්පති මැතිණිය, ගුවන් හමුදා සිවිල් ඉංජිනේරු අධ්‍යක්‍ෂක එයාර් කොමඩෝර් රුචිර සමරසිංහ, සීගිරිය ගුවන් හමුදා කඳවුරු අණදෙන නිළධාරී විංග් කමාණ්ඩර් චින්තක අල්විස්, නිළධාරීන්, සෙසු නිළයන් සහ ගුවන් හමුදා සේවා වනිතා ඒකකයේ නියෝජිතයින් ඇතුළු රැසක් මෙම අවස්ථාවට සහභාගී වූහ.


 
airforce_logo
ශ්‍රී ලංකා ගුවන් හමුදාව
ගුවනේ ආරක්‍ෂකයෝ
National Defence College
© 2024 ශ්‍රී ලංකා ගුවන් හමුදා තොරතුරු තාක්ෂණ අධ්‍යක්ෂකය . සියලුම හිමිකම් ඇවිරිණි