ශී‍්‍ර ලංකා ගුවන් හමුදාව මගින් සංවිධානය කරනු ලබන වෛද්‍ය සායනයක් ශි‍්‍ර දළදා මාලිගාවේදී
9:19am on Thursday 28th September 2017
ශී‍්‍ර ලංකා ගුවන් හමුදාව විසින් වාර්ෂිකව සංවිධානය කරනු ලබන වෛද්‍ය සහ දන්ත සායනය 2017 සැප්තැම්බර් මස 27 වන දින මහනුවර ශී‍්‍ර දළදා මාලිගාවේදී පැවැත්විණ.

ගුවන් හමුදාධිපති එයාර් මාර්ෂල් කපිල ජයමිපති මහතාගේ මගපෙන්විම යටතේ ගුවන් හමුදා සෞඛ්‍ය සේවා අධක්‍ෂකයේ මුලිකත්වයෙන් ශ‍්‍රී ලංකා ගුවන් හමුදාව විසින් සිවිවන වරටත් සංවිධානය කරනු ලැබු මෙම වෛද්‍ය සහ දන්ත සායනය ඓතිහාසික ශී‍්‍ර දළදා මාලිගාවේ අස්ගිරි හා මල්වතු පාර්ශවයේ මහානායක හිමිවරුන් සහ එම විහාරස්ථානයන්හි වැඩවාසී මහා සංඝරත්නය ඇතුළු ශී‍්‍ර දළදා මාලිගාවේ කාර්‍ය මණ්ඩලය උදෙසා සිදු කරන ලදි. මින් පෙර පැවති වෛද්‍ය සායනයන්හිදී දන්ත වෛද්‍ය සායනයක් පමණක් පැවති අතර මෙවර වෛද්‍ය සායනයක්ද සංවිධානය කරන ලදි.

මෙම වෛද්‍ය සහ දන්ත සායනයන් සදහා විශේෂඥ වෛද්‍යවරුන් සහභාගී වී සිටි අතර සායනය පැවැත්වීමෙි මුලික අරමුණ වූයේ අප ශී‍්‍ර ලංකාවෙි මුදුන් මල්කඩ වන ඓතිහාසික ශී‍්‍ර දළදා වහන්සේ හට සේවාවන් සිදු කරන සියලුම දෙනා හට උපහාර දැක්වීමයි.


airforce_logo
ශ්‍රී ලංකා ගුවන් හමුදාව
ගුවනේ ආරක්‍ෂකයෝ
National Defence College
© 2024 ශ්‍රී ලංකා ගුවන් හමුදා තොරතුරු තාක්ෂණ අධ්‍යක්ෂකය . සියලුම හිමිකම් ඇවිරිණි