71 වන අණ නොලත් නිළධාරී කළමනාකරණ පාඨමාලාව සඳහා සහතික පත් ප‍්‍රදානය කෙරේ
8:56am on Monday 2nd October 2017
71 වන අණ නොලත් නිළධාරීන්ගේ කළමනාකරණ පාඨමාලාවේ සහතික ප‍්‍රදානය කිරීම කටුනායක ගුවන් හමුදා කඳවුරු අණදෙන නිළධාරී එයාර් වයිස් මාර්ෂල් එම්ඩීඒපී පායෝ මහතාගේ ප‍්‍රධානත්වයෙන් 2017 සැප්තැම්බර් මස 29 වන දින චීන වරාය ගුවන් හමුදා විද්‍යාපීඨයේදී පවත්වන ලදී.

මෙම පාඨමාලාව පැවැත්වීමේ මූලික අරමුණ වන්නේ ති‍්‍රවිධ හමුදාවේ අණ නොලත් නිළධාරීන්ගේ  නායකත්ව ගුණාංග තියුණු කරලීම සඳහා ශක්තිමත් ශාස්ති‍්‍රය හා කළමනාකරණ දැනුම ලබා දීමයි. මෙම පාඨමාලාව සති 11 ක  කාලසීමාවක් පුරාවට පවත්වනු ලබන අතර සම්මත විෂය නිර්දේශයකට අනුව සිදු කරනු ලබයි. මෙම පාඨමාලාව හදාරනු ලබන අයවලුන් අතරින් පාඨමාලාව සාර්ථකව අවසන් කරන අයවලුන් හට රජරට විශ්ව විද්‍යාලයේ පරිපූර්ණ පාඨමාලාවක් සදහා අනුයුක්ත කරනු ලබන අතර අවශ්‍ය ලකුණු මට්ටම සම්පුර්ණ කර සුදුසුකම් සපුරාලන සියලුම අණ නොලත් නිළධාරීන් හට කළමනාකරණය පිළිබඳ සහතිකපත් පිරිනමන ලදි. මෙම 71 වන අණ නොලත් පාඨමාලාව සදහා ශී‍්‍ර ලංකා ගුවන් හමුදාව නියෝජනය කරමින් ජ්‍යෙෂ්ඨ අණ නොලත් නිළධාරීන් 44 දෙනෙකු සහ කනිෂ්ඨ අණ නොලත් නිළධාරීන් 36 දෙනෙකු සහභාගී වූ අතර ශී‍්‍ර ලංකා නාවික හමුදාවේ ජ්‍යෙෂ්ඨ අණ නොලත් නිළධාරීන් 02 දෙනෙකුද ඇතුලත් විය.  සම්මාන ප‍්‍රදානෝත්සවයේ දී සම්මාන ලාභීන් 82 දෙනකුට මෙම පාඨමාලාව සාර්ථකව සම්පූර්ණ කිරීම වෙනුවෙන් සහතිකපත් ප‍්‍රදානය කරනු ලැබීය.

22099 සැරයන් වර්ණකුලසූරිය ඩබ්එම්එන්පී (ගුවන්යානා ඉංජිනේරු ශිල්පී) හොඳම ජ්‍යෙෂ්ඨ අධිකාරී නොලත් නිළධාරියා වශයෙන් සම්මාන ලබා ගත් අතර 31686 කෝප‍්‍රල් රණසිංහ ආර්එම්ඒඑස් සෑම අතින්ම දක්‍ෂතම කණිෂ්ඨ අණ නොලත් නිළධාරියා ලෙස සම්මාන හිමි කර ගන්නා ලදි.

මෙම සහතිකපත් ප‍්‍රදානෝත්සවය සදහා ශී‍්‍ර ලංකා ගුවන් හමුදා චීනවරාය විද්‍යාපීඨයේ පීඨාධිපති එයාර් කොමඩෝර් එච්එස්එස් තුයියකොන්තා ඇතුළු නීළධාරීන් සහ සෙසු නිලයන් පිරිසක්ද සහභාගී වී සිටියහ.

 
airforce_logo
ශ්‍රී ලංකා ගුවන් හමුදාව
ගුවනේ ආරක්‍ෂකයෝ
National Defence College
© 2024 ශ්‍රී ලංකා ගුවන් හමුදා තොරතුරු තාක්ෂණ අධ්‍යක්ෂකය . සියලුම හිමිකම් ඇවිරිණි