ශ‍්‍රී ලංකා ගුවන් හමුදාවෙන් ලංකා බැංකු සංකීර්ණයේ ගිනි නිවීමේ සරඹයක්
12:40pm on Tuesday 17th October 2017
ශ‍්‍රී ලංකා ගුවන් හමුදාවේ ගිනි නිවීමේ හා ජීවිත ගලවා ගැනීමේ කණ්ඩායමේ අනුග‍්‍රහයෙන් ගිනි නිවීමේ සරඹයක් කොළඹ ලංකා බැංකු මූලස්ථාන පරිශ‍්‍රයේදී 2017 ඔක්තෝම්බර් මස 13 වන දින පවත්වන ලදී.

මෙහිදී ශ‍්‍රී ලංකා ගුවන් හමුදා ගිනි නිවීමේ හා ජීවිත ගලවා ගැනීමේ සාමාජිකයන් විසින් ගුවන් හමුදා ප‍්‍රධාන ගිනි නිවීමේ නිලධාරී විංග් කමාන්ඩර් එම්පීඑස් මාරප්පෙරුමගේ අධීක්‍ෂණය යටතේ මෙහිදී ගිනි නිවීමේ හා ජීවිත ගලවා ගැනීමේ සංදර්ශනාත්මක අභ්‍යාසයන්හි නිරත විය.

මෙහිදී ගුවන් හමුදා ගිනි නිවීමේ භටයින් විසින් උඩු ගුවනේ සිට කඹ ආධාරයෙන් ජීවිත ගලවා ගැනීම, ඉතා උස ගොඩනැගිල්ලක අනතුරට පත්වූ පුද්ගලයින් බ්‍රොන්ටෝ ස්කයි ලිෆ්ට්  ආධාරයෙන් ගලවා ගන්නා අන්දම ඇතුළු ජීවිත ගලවා ගැනීමේ අභ්‍යාසයන් රැසක් ඉදිරිපත් කරන ලදී.

 
airforce_logo
ශ්‍රී ලංකා ගුවන් හමුදාව
ගුවනේ ආරක්‍ෂකයෝ
National Defence College
© 2024 ශ්‍රී ලංකා ගුවන් හමුදා තොරතුරු තාක්ෂණ අධ්‍යක්ෂකය . සියලුම හිමිකම් ඇවිරිණි