අන්තර් ඒකක වොලිබෝල් තරඟාවළිය 2017
4:32pm on Monday 23rd October 2017
2017 අන්තර් ඒකක වොලිබෝල් තරඟාවළිය පසුගිය ඔක්තොබර් මස 20 වන දින කටුනායක ගුවන් හමුදා කඳවුරේදී නිමාවට පත්විය. එහිදී ගුවන් හමුදා වෘත්තීය පුහුණු පාසල ඒකල සහ ගුවන් හමුදා රෙජිමේන්තු පුහුණු පාසල වන්නි පිළිවෙලින් පිරිමි සහ කාන්තා ශූරතාවයන් දිනා ගන්නා ලදී.

ශ‍්‍රී ලංකා ගුවන් හමුදා රත්මලාන කඳවුරු තාක්‍ෂණික පක්‍ෂාංග කන්ඩායම සහ ගුවන් හමුදා වෘත්තීය පුහුණු පාසල ඒකල පිළිවෙලින් පිරිමි සහ කාන්තා අනුශූරතාවයන්ට හිමිකම් කියන ලදී. ගුවන් හමුදා මුල්‍ය අධ්‍යක්‍ෂක ජීඑල්ආර් වසන්ත මහතා  ප‍්‍රධාන ආරාධිත අමුත්තා වශයෙන් මෙම අවස්ථාවට සහභාගී වූ අතර නිළධාරීන් සහ සෙසු නිළයන් රැසක්ද මෙම අවස්ථාවට එක්වූහ.

එක් එක් අංශයන්ගෙන් සම්මාන ලැබූ ක‍්‍රිඩක ක‍්‍රීඩිකාවන්

පිරිමි

හොඳම පන්දු ඔසවන්නා
47734  ගුවන් භට මලින්ද ජේජීටී - ගුවන් හමුදා වෘත්තීය පුහුණු පාසල ඒකල

දක්‍ෂතම ප‍්‍රහාරකයා
03396 ෆ්ලයිං ඔෆිසර් අයිඑම් වැලිවිටිගොඩ - ගුවන් හමුදා රත්මලාන කඳවුරු තාක්‍ෂණික පක්‍ෂාංගය

දක්‍ෂතම ක‍්‍රීඩකයා
29840 සැරයන් කුමාර ඩබ්ලිව් ඒ ඒ  - ගුවන් හමුදා වෘත්තීය පුහුණු පාසල ඒකල


කාන්තා

හොඳම පන්දු ඔසවන්නිය
ඒඩබ් 4071 ගුවන් කාන්තා අබේසිංහ ඒඒටීකේ - ගුවන් හමුදා රෙජිමේන්තු පුහුණු පාසල වන්නි

දක්‍ෂතම ප‍්‍රහාරිකාව
ඒඩබ් 3308 නායකගුවන් කාන්තා ලක්මාලි ඩබ්ලිව් ජී ඩබ්ලිව් - ගුවන් හමුදා රෙජිමේන්තු පුහුණු පාසල වන්නි

දක්‍ෂතම ක‍්‍රීඩිකාව
ඒඩබ් 4095 ගුවන් කාන්තා හේවාවිතාරන පී පී - ගුවන් හමුදා රෙජිමේන්තු පුහුණු පාසල වන්නි


  
airforce_logo
ශ්‍රී ලංකා ගුවන් හමුදාව
ගුවනේ ආරක්‍ෂකයෝ
National Defence College
© 2024 ශ්‍රී ලංකා ගුවන් හමුදා තොරතුරු තාක්ෂණ අධ්‍යක්ෂකය . සියලුම හිමිකම් ඇවිරිණි