වව්නියාව ගුවන් හමුදා කඳවුර සිය 39 වන සංවත්සරය සමරයි
5:56pm on Thursday 2nd November 2017
 ශී‍්‍ර ලංකා ගුවන් හමුදා වව්නියාව කඳවුරේ 39 වන සංවත්සර දිනය  2017 ඔක්තෝබර් 27 වන දින සමරනු ලැබීය. මෙම උත්සවය සැමරීමට සමගාමීව ප‍්‍රජා සේවා ව්‍යාපෘති ආගමික කි‍්‍රයාකාරකම් සහ විනෝදාත්මක කටයුතු සංවිධානය කරන ලදී. කඳවුරු අණදෙන නිළධාරීතුමාගේ මගපෙන්වීම යටතේ කදවුරේ සියලුම නිලධාරීන්, සෙසු නිලයන් සහ සිවිල් කාර්ය මණ්ඩලය මෙම අවස්ථාවන්ට එක්වන ලදී.

කඳවුරු අණදෙන නිලධාරී එයාර් කොමඩෝර් ඩී.ජේ.සී. වීරකෝන් විසින් උදෑසන පෙළපාලිය නිරීක්‍ෂණය කිරීමෙන් අනතුරුව සංවත්සර දිනයේ වැඩ කටයුතු ආරම්භ වූ අතර සැහැල්ලු පන්දු කි‍්‍රකට් තරඟාවලියක් සහ කඹ ඇදීමේ තරඟාවලියක් සංවිධානය කරන ලදි. අනතුරුව සංවත්සර දින උත්සවය දිවා භෝජන සංග‍්‍රහයකින් අවසන් විය.

2017 ඔක්තෝම්බර් මස 12 වන දින සංවත්සර දිනයට සමගාමීව වව්නියාව පිහිටි ශීලයිබිම්බාරාමය විහාරය සහ ඉරට්ටපිරියකුලම පැරකුම් විද්‍යාලය මුලික කර ගනිමින් ශ‍්‍රමදාන ව්‍යාපාරයක් සංවිධානය කරන ලදි. එදින කදවුරේ සියලු අයවලුන් හට ආශිර්වාද පතා හින්දු කෝවිලේ විශේෂ පූජාවක් පවත්වන ලදී. මීට අමතරව ඉරට්ටපිරිකුලම පැරකුම් විද්‍යාලයේ ළමුන් සඳහා විශේෂ  දන්ත  සහ වෛද්‍ය සායනයක්ද සිදු කරන ලදි.

 
airforce_logo
ශ්‍රී ලංකා ගුවන් හමුදාව
ගුවනේ ආරක්‍ෂකයෝ
National Defence College
© 2024 ශ්‍රී ලංකා ගුවන් හමුදා තොරතුරු තාක්ෂණ අධ්‍යක්ෂකය . සියලුම හිමිකම් ඇවිරිණි