මධ්‍යම අපි‍්‍රකාවේ සාම සාධක රාජකාරීන් සඳහා ගොස් සිටි ගුවන් හමුදා තුන්වන හෙලිකොප්ටර් බලඝණය නැවත දිවයිනට පැමිණෙයි
1:37pm on Wednesday 8th November 2017
එක්සත් ජාතීන්ගේ සාම සාධක රාජකාරීන් සදහා ගොස් සිටි ශී‍්‍ර ලංකා ගුවන් හමුදා හෙලිකොප්ටර් බලඝණයේ තුන්වන බලඇණිය මාස 12 ක සේවා කාළයක් සම්පූර්ණ කිරීමෙන් අනතුරව මධ්‍යම අපි‍්‍රකාවේ සිට ශී‍්‍ර ලංකාව වෙත 2017 නොවැම්බර් මස 06 වන දින නැවත පැමිණෙන ලදී. මෙම භට කණ්ඩායම වෙනුවට මධ්‍යම අපි‍්‍රකාවේ සාම සාධක රාජකාරීන් සදහා නව කණ්ඩායමක් දින කිහිපයකට පෙර දිවයිනෙන් පිටත්ව ගියහ.

පැමිණ සිටි කණ්ඩායම පිළිගැනීම සදහා කටුනායක ගුවන් හමුදා කඳවුරු අණදෙන නිලධාරී එයාර් වයිස් මාර්ෂල් ප‍්‍රසන්න පායෝ, ජ්‍යේෂ්ඨ නිළධාරීන් සහ එම කණ්ඩායමේ පවුල් වල සාමාජිකයන් පිරිසක් පැමිණීමේ පර්යන්තය වෙත එක්ව සිටියහ.

airforce_logo
ශ්‍රී ලංකා ගුවන් හමුදාව
ගුවනේ ආරක්‍ෂකයෝ
National Defence College
© 2024 ශ්‍රී ලංකා ගුවන් හමුදා තොරතුරු තාක්ෂණ අධ්‍යක්ෂකය . සියලුම හිමිකම් ඇවිරිණි