ගුවන් හමුදා මූලස්ථානය ගුවන් හමුදාධිපතිතුමන්ගේ වාර්ෂික පරීක්‍ෂණයට
4:03pm on Thursday 23rd November 2017
ගුවන් හමුදාධිපති එයාර් මාර්ෂල් කපිල ජයම්පති මැතිතුමන් විසින් 2017 නොවැම්බර් මස 20 වන දින ශ‍්‍රී ලංකා ගුවන් හමුදා මූලස්ථානය සිය වාර්ෂික පරීක්‍ෂණයට ලක්කරන ලදී.

කොළඹ ගුවන් හමුදා කඳවුරු අණදෙන නිළධාරී එයාර් කොමඩෝර් ජීජීඩබ්ටීකේ ගුණවර්ධන විසින් ගුවන් හමුදාධිපතිතුමන් පිළිගැනීම සිදුකරන ලදී. ගුවන් හමුදාධීපතිතුමන් හට උත්තමාචාර පිළිගැන්වීමේ පෙළපාලිය ගුවන් හමුදා මූලස්ථාන පරිශ‍්‍රයේදී පවත්වන ලදී. අනතුරුව බලලත් නිළධාරීන් 05 දෙනෙකු, ජ්‍යේෂ්ඨ අධිකාරී නොලත් නිළධාරීන් 11 දෙනෙකු කණීෂ්ඨ අධිකාරී නොලත් නිළධාරීන් 06 දෙනෙකු, නායක ගුවන් භටයින් 03 දෙනෙකු සහ සිවිල් සේවක මහතුන් 02 කු ගුවන් හමුදාධිපතිතුමන්ගේ ඇගයීමට ලක් කෙරිණි.

ගුවන් හමුදා මූලස්ථානයේ පරීක්‍ෂණය අවසන් කිරීමෙන් පසු ගුවන් හමුදාධිපතිතුමන් ගුවන්පුර ගුවන් හමුදා කඳවුර දෙවත පිටත්ව යන ලදී. 2017 නොවැම්බර් මස 21 වන දින ගුවන් හමුදා කොිළඹ කඳවුර පරීක්‍සණයට භාජනය කිරීමට නියමිතය.


 
airforce_logo
ශ්‍රී ලංකා ගුවන් හමුදාව
ගුවනේ ආරක්‍ෂකයෝ
National Defence College
© 2024 ශ්‍රී ලංකා ගුවන් හමුදා තොරතුරු තාක්ෂණ අධ්‍යක්ෂකය . සියලුම හිමිකම් ඇවිරිණි