අන්තර් ඒකක බේස්බෝල් තරඟාවළිය 2017
9:08am on Sunday 26th November 2017
ශ‍්‍රී ලංකා ගුවන් හමුදා අන්තර් ඒකක බේස්බෝල් තරඟාවළිය පසුගිය 2017 නොවැම්බර් මස 23 වන දින ඒකල ගුවන් හමුදා වෘත්තීය පුහුණු පාසල් ක‍්‍රිඩාංගනයේදී නිමාවට පත්විය.

එහිදී ඒකල ගුවන් හමුදා වෘත්තීය පුහුණු පාසල් කඳවුර ශූරතාවය දිනා ගන්නා ලද අතර අනුරාධපුර ගුවන් හමුදා කඳවුර අනුශූරතාවය දිනාගන්නා ලදී.

ගුවන් හමුදා නියෝජ්‍ය ගුවන් යානා ඉංජිනේරු අධ්‍යක්‍ෂක එයාර් කොමඩෝර් ආර්එච්කේපී රණසිංහ ප‍්‍රධාන ආරාධිත අමුත්තා වශයෙන් මෙම අවස්ථාවට සහභාගී විය. ගුවන් හමුදා බේස්බෝල් සංචිත සභාපති එයාර් කොමඩෝර් එස්කේ සේනාරත්න, නිළධාරීන් සහ සෙසු නිළයන් රැුසක්ද මෙම අවස්ථාවට එක්වූහ.


 
airforce_logo
ශ්‍රී ලංකා ගුවන් හමුදාව
ගුවනේ ආරක්‍ෂකයෝ
National Defence College
© 2024 ශ්‍රී ලංකා ගුවන් හමුදා තොරතුරු තාක්ෂණ අධ්‍යක්ෂකය . සියලුම හිමිකම් ඇවිරිණි