3 වන කොරියානු තානාපති කුක්කිවොන් කුසලාන ටයිකොන්ඩෝ තරඟාවලිය
10:13am on Tuesday 28th November 2017
ශ්‍රී ලංකා ගුවන් හමුදා ටයිකොන්ඩෝ කණ්ඩායම 2017 නොවැම්බර් මස  11,12 13 සහ 14 යන දිනයන්හීදී කොළඹ ක්‍රීඩා නේවාසිකාගාර ක්‍රීඩාගාර සංකීර්ණයේදී පැවති 3 වන කොරියානු තානාපති කුක්කිවොන් කුසලාන ටයිකොන්ඩෝ තරඟාවලියට සහභාගී වූහ.

අවසන් තරගය කොළඹ සුගතදාස ගෘහස්ථ කී‍්‍රඩාංගනයේදී  2017 නොවැම්බර් මස 25 වන දින අවසන් විය.

ශ්‍රී ලංකා ගුවන් හමුදා කණ්ඩායම රන් පදක්කම් 04ක්, රිදී පදක්කම් 02ක්  ලබාගනිමින් මෙම තරඟාවලියෙහි සමස්ත ශූරතාවය දිනා ගැනීමට සමත් විය.  ශ්‍රී ලංකාවේ කොරියානු තානාපති වොන් සෑම් චෑන්ග් ප්‍රධාන ආරාධිත අමුත්තා ලෙස මෙම අවස්ථාවට සහභාගී විය.

 
airforce_logo
ශ්‍රී ලංකා ගුවන් හමුදාව
ගුවනේ ආරක්‍ෂකයෝ
National Defence College
© 2024 ශ්‍රී ලංකා ගුවන් හමුදා තොරතුරු තාක්ෂණ අධ්‍යක්ෂකය . සියලුම හිමිකම් ඇවිරිණි