අන්තර් ඒකක පැසි පන්දු තරඟාවළිය 2017
10:19am on Tuesday 28th November 2017
2017 අන්තර් ඒකක පැසි පන්දු තරඟාවළිය 2017 නොවැම්බර් මස 27 වන දින ශ‍්‍රි ලංකා ගුවන් හමුදා සෞඛ්‍ය කළමණාකරණ මධ්‍යස්ථානයේදී සාර්ථකව නිමාවට පත්විය. එහිදී, ශ‍්‍රී ලංකා ගුවන් හමුදා කටුනායක කඳවුරු තාක්ෂණික පක්ෂාංගය සහ  කොළඹ ශ‍්‍රී ලංකා ගුවන් හමුදා කඳවුර  පිළිවෙලින් පිරිමි සහ කාන්තා ශූරතාවයන් දිනා ගන්නා ලදී.

තරඟාවළියේ පිරිමි සහ කාන්තා අනුශූරතාවය ශ‍්‍රී ලංකා ගුවන් හමුදා දියතලාව සටන් පුහුණ පාසල  විසින් හිමිකර ගන්නා ලදී.

ගුවන් හමුදාධිපති එයාර් මාර්ෂල් කපිල ජයම්පති මහතා ප්‍රධාන ආරාධිත අමුත්තා ලෙස මෙම අවස්ථාවට සහභාගී වූ අතර ගුවන් හමුදා මණ්ඩලික ප්‍රධානී එයාර් වයිස් මාර්ෂල් සුමංගල ඩයස්, ගුවන් හමුදා පැසි පන්දු සංචිතයේ සභාපති එයාර් වයිස් මාර්ෂල් පීඩීකේටී ජයසිංහ,ගුවන් හමුදා අධ්‍යක්ෂක මණ්ඩලයේ නිළධාරීන් ඇතුළු නිළධාරීන් හා සෙසු නිළයන් පිරිසක් ද මෙම අවස්ථාවට සහභාගී විය.

 
airforce_logo
ශ්‍රී ලංකා ගුවන් හමුදාව
ගුවනේ ආරක්‍ෂකයෝ
National Defence College
© 2024 ශ්‍රී ලංකා ගුවන් හමුදා තොරතුරු තාක්ෂණ අධ්‍යක්ෂකය . සියලුම හිමිකම් ඇවිරිණි