ඉන්දීය ගුවන් හමුදාධිපතිතුමන් යුධ හමුදාධිපතිතුමන් සහ නාවික හමුදාධිපතිතුමන් හමුවෙයි
3:56pm on Tuesday 12th December 2017
ශ‍්‍රි ලංකාවේ සංචාරයක නිරත වන ඉන්දීය ගුවන් හමුදාධිපති එයාර් චීෆ් මාර්ෂල් බිරේන්දර් සිං දනොආ මහතා දෙසැම්බර් මස 11 වන දින යුධ හමුදාධිපතිතුමන් සහ නාවික හමුදාධිපතිතුමන් හමුවිය.

මෙහිදී යුධ හමුදා මූලස්ථානය වෙත ඉන්දීය ගුවන් හමුදාධිපතිතුමන් පිළිගැනීම යුධ හමුදාධිපති ලුතිනන් ජෙනරාල් මහේෂ් සේනානායක මහතා විසින් සිදු කරන ලද අතර උත්තමාචාර පෙළපාලියක්ද පවත්වන ලදී. මෙම හමුව සිහිපත් වීම පිණිස දෙපාර්ෂවය අතර සමරු ඵලක හුවමාරුවක්ද සිදු කරන ලදී.

එසේම, උත්තමාචාර පෙළපාලියකින් පසු නාවික හමුදාධිපති වයිස් අද්මිරාල් සිරිමෙවන් රණසිංහ විසින් ඉන්දීය ගුවන් හමුදාධිපතිතුමන් නාවික හමුදා මූලස්ථානය වෙත පිළිගැනීම සිදු කරන ලදී. මෙම හමුව සිහිපත් වීම පිණිස දෙපාර්ෂවය අතර සමරු ඵලක හුවමාරුවක්ද සිදු කරන ලදී.

යුධ හමුදා මූලස්ථානය


නාවික හමුදා මූලස්ථානය
airforce_logo
ශ්‍රී ලංකා ගුවන් හමුදාව
ගුවනේ ආරක්‍ෂකයෝ
National Defence College
© 2024 ශ්‍රී ලංකා ගුවන් හමුදා තොරතුරු තාක්ෂණ අධ්‍යක්ෂකය . සියලුම හිමිකම් ඇවිරිණි