පකිස්තානු යුද්ධ හමුදා මාණ්ඩලික ප්‍රධානී ශ‍්‍රී ලංකා ගුවන් හමුදාධිපතිතුමන් හමුවෙයි
1:39pm on Thursday 18th January 2018
ශ‍්‍රී ලංකාවේ සංචාරයක නියුතු පකිස්තානු යුද්ධ හමුදා මාණ්ඩලික ප්‍රධානී ජෙනරාල් කමාර් ජවේඩ් බජ්වා  මහතා 2018 ජනවාරි මස 16 වන දින උදෑසන ශ‍්‍රී ලංකා ගුවන් හමුදා මූලස්ථානයේ සංචාරයක නිරත වෙමින් ගුවන් හමුදාධිපති එයාර් මාර්ෂල් කපිල ජයම්පති මහතා හමුවිය.

පකිස්තානු යුද්ධ හමුදා මාණ්ඩලික ප්‍රධානීතුමන් ශ‍්‍රී ලංකා ගුවන් හමුදා මූලස්ථනය වෙත පිළිගනු ලැබුවේ කොළඹ ගුවන් හමුදා කඳවුරු අණදෙන නිළධාරී එයාර් කොමඩෝර් වරුණ ගුණවර්ධන විසිනි. අනතුරුව ශ‍්‍රී ලංකා ගුවන් හමුදා වර්ණ පක්‍ෂාංගය විසින් උත්තමාචාර පෙළපාලියක්ද සිදුකරන ලදී.

එසේම පකිස්තානු යුද්ධ හමුදා මාණ්ඩලික ප්‍රධානී, ගුවන් හමුදා මාණ්ඩලික ප‍්‍රධානී සහ ගුවන් හමුදා අධක්‍ෂ්‍යක මණ්ඩලයේ සමාජික සාමාජිකාවන් හමුවුණු අතර අනතුරුව  පකිස්තානු යුද්ධ හමුදා මාණ්ඩලික ප්‍රධානීතුමන් හා ගුවන් හමුදාධිපතිතුමන් අතර සමරු ඵලක හුවමාරු කිරීමක්ද සිදු කරන ලදී.

airforce_logo
ශ්‍රී ලංකා ගුවන් හමුදාව
ගුවනේ ආරක්‍ෂකයෝ
National Defence College
© 2024 ශ්‍රී ලංකා ගුවන් හමුදා තොරතුරු තාක්ෂණ අධ්‍යක්ෂකය . සියලුම හිමිකම් ඇවිරිණි