ගුවන් හමුදාධිපති අභියෝගතා ගොල්ෆ් තරඟාවළිය -2018
4:36pm on Sunday 28th January 2018
ශ‍්‍රී ලංකා ගුවන් හමුදාව සහ ඊගල්ස් ගෝල්ෆ් ලින්ක් සංවිධානය කරන ලද ගුවන් හමුදාධිපති විවෘත ගොල්ෆ් තරඟාවළිය ති‍්‍රකුණාමලය ශී‍්‍ර ලංකා ගුවන් හමුදා චිනවරාය ඊගල්ස් ගෝල්ෆ් ලින්ක්ස්හීදි 2018 ජනවාරි මස 27 වන දින නිමාවට පත්විය.

දෙස් විදෙස් කි‍්‍රඩක කී‍්‍රඩිකාවන් 60 දෙනෙකු මෙම තරගය සදහා සහභාගි වූහ. ඊගල්ස් ගෝල්ෆ් ලින්ක්ස් කී‍්‍රඩාපිටියේ පිහිටිම කි‍්‍රඩක කී‍්‍රඩිකාවන් හට අභියෝගාත්මක මෙන්ම අශ්වාදජනක තරගාවළියකට පසුබිමක් වූ අතර මෙම තරඟාවලිය ‘Handicap rules’ වලට යටත්ව එදින උදෑසන 0700 පැයට ආරම්භ විය.

2018 ගුවන් හමුදාධිපති ගොල්ෆ් තරගාවළියේ පිරිමි අංශයේ ශුරතාවය ලකුණු 35 ක් ලබාගත් ගාමිණී ජයවීර විසින් හිිමිකරගත් අතර කාන්තා ශුරතාවය ලකුණු 35 ක් ලබා ගත් නිලූ ජයතිලක විසින් හිමිකර ගන්නා ලදී. තරගාවලියේ පිරිමි අංශයේ අනුශූරතාවය ලකුණු 33 ක් ලබා ගත් ලලිත් පින්ටෝ විසින් හිමිකර ගන්නා ලදී. පිරිමි අංශය යටතේ දීර්ඝතම පහර සහ ආසන්නතම පහර යන තරග අංශ සදහා පිළිවෙලින් ආර් විජේගුණරත්න සහ ගෲප් කැප්ටන් රජින්ත ජයවර්ධන කුසලාන හිමි කර ගැනීමට සමත්කම් දැක්වූ අතර නිලූ ජයතිලක කාන්තා අංශය යටතේ තරග කරමින් දීර්ඝතම පහර යන තරග අංශය සදහා පිරිනමන කුසලානය දිනා ගැනීමට සමත් වූහ.

2018 වර්ෂයේ පැවැති ගුවන් හමුදාධිපති කුසලාන ගෝල්ෆ් තරඟාවළියේ ජයග‍්‍රාහකයන් සදහා කුසලාන ප‍්‍රදානය කිරිම අති උත්කර්ශවත් අන්දමින් එදින සවස ගුවන් හමුදාධිපති එයාර් මාර්ෂල් කපිල ජයම්පති මැතිතුමාගේ ප‍්‍රධානත්වයෙන් ගුවන් හමුදා මාබල් බීච් අවන්හලේදී පවත්වන ලද අතර ගුවන් හමුදා සේවා වනිතා ඒකකයේ සභාපතිනී අනෝමා ජයම්පති මහත්මියද මෙම අවස්ථාවට සහභාගී වූවාය.

ත‍්‍රිවිධ හමුදා මාණ්ඩලික ප‍්‍රධානී අද්මිරාල් රවින්ද්‍ර විජේගුණරත්න, ගුවන් හමුදා මාණ්ඩලික ප‍්‍රධානී එයාර් වයිස් මාර්ෂල් ඞීඑල්එස් ඩයස්, අධ්‍යක්‍ෂක ගුවන් මෙහෙයුම් සහ ගුවන් හමුදා ගොල්ෆ් සංගමයේ සභාපති එයාර් වයිස් මාර්ෂල් සුදර්ශන පතිරණ සහ ගුවන් හමුදා චීන වාරාය විද්‍යාපීඨයේ පීඨාධිපති එයාර් කොමඩෝර් සම්පත් තුයියකොන්තා ඇතුළු නිළධාරීහු රැුසක් මෙම තරඟාවළිය සඳහා සහභාගී වී සිටියහ.

airforce_logo
ශ්‍රී ලංකා ගුවන් හමුදාව
ගුවනේ ආරක්‍ෂකයෝ
National Defence College
© 2024 ශ්‍රී ලංකා ගුවන් හමුදා තොරතුරු තාක්ෂණ අධ්‍යක්ෂකය . සියලුම හිමිකම් ඇවිරිණි