2017 වසරේ 05 ශ්‍රේණි ශිෂ්‍යත්ව හා අ.පො.ස උසස් පෙළ විභාගයන් ගෙන් වි ශිෂ්ඨ ප‍්‍රථිපල ලබාගත් සිසු සිසුවියන්ට උපහාර පිදේ
4:09pm on Monday 5th February 2018
ශ‍්‍රී ලංකා ගුවන් හමුදා සේවා වනිතා ඒකකයේ සංකල්පයකට අනුව සංවිධානය කරන ලද ගුවන් හමුදා සේවයේ නියුතු නිළධාරීන්ගේ සෙසු නිළයන්ගේ හා සිවිල් සේවක මහතුන්ගේ 2017  ශිෂ්‍යත්ව විභාගෙයන් හා අ.පො.ස උසස් පෙළ විභාගෙයන් ඉහලින් සමත්  දරුවන්ට උපහාර පිදීමේ වැඩසටහනක් ගුවන් හමුදා මූලස්ථානයේදී 2018 පෙබරවාරි 02 වන දින ගුවන් හමුදාධිපති එයාර් මාර්ෂල් කපිල ජයම්පති මහතාගේ හා ගුවන් හමුදා සේවා වනිතා ඒකකයේ සභාපතිණී අනෝමා ජයම්පති මහත්මියගේ ප‍්‍රධානත්වයෙන් පැවැත්විණි.

මෙහිදී  ශිෂ්‍යත්ව විභාගයෙන් ලකුණු 175 ට වැඩියෙන් ලබා දක්ෂතා දැක්වූ සිසු සිසුවියන් 129 දෙනෙකු සඳහා ද,  අ.පො.ස උසස් පෙළ විභාගයන් ඒ සාමාර්ත 03 ක් ලබාගත් සිසුන් 02 ක්ද සේවා වනිතා ඒකකය මගින් මුදල් ආධාර ලබාදෙන ලදී.

අනතුරුව ශ‍්‍රී ලංකා ගුවන් හමුදාධිපතිතුමන් සහ ගුවන් හමුදා සේවා වනිතා ඒකකයේ සභාපතිණී අනෝමා ජයම්පති මහත්මිය විසින් මෙම අවස්ථාවට සහභාගී වූ විශේෂ දක්ෂතා දැක්වූ සිසු දරු දැරියන්ට සුභ පතන ලදී.

airforce_logo
ශ්‍රී ලංකා ගුවන් හමුදාව
ගුවනේ ආරක්‍ෂකයෝ
National Defence College
© 2024 ශ්‍රී ලංකා ගුවන් හමුදා තොරතුරු තාක්ෂණ අධ්‍යක්ෂකය . සියලුම හිමිකම් ඇවිරිණි