දියතලාව ගුවන් හමුදා සටන් පුහුණු පාසලේ පිරිත් සජ්ජායනාවක් සහ දානමය පිංකමක්
10:24am on Tuesday 6th February 2018
දියතලාව ශ‍්‍රී ලංකා ගුවන් හමුදා සටන් පුහුණු පාසල මගින් ගුවන් හමුදා 67 වන සංවත්සරය උදෙසා සහ ගුවන් හමුදාවේ සේවයේ යෙදී සිටියදී දේශය වෙනුවෙන් තම ජීවිත පරිත්‍යාග කල, ආබාධිත තත්වයට පත්වූ ගුවන් හමුදා විරුවන් සහ ගුවන් හමුදාධිපතුමන් ඇතුළු ගුවන් හමුදාවේ සේවයේ නියුතු රණවිරුවන්, සහොදර හමුදාවන්ට සහ සියළුම රණවිරු පවුල්වල සාමාජික සාමාජිකාවන්ට සෙත් පතා සර්ව රාත‍්‍රික පිරිත් දේශනාවක් සහ දහවල් සංඝගත දානමය පිංකමක් පසුගිය පෙබරවාරි මස 01 වන දින අණදෙන නිළධාරී එයාර් කොමඩෝර් ඩබ්ඩබ්පීඩී ප‍්‍රනාන්දු ගේ ප‍්‍රධානත්වයෙන් සිදුකරන ලදී.

පිරිත් සක්‍ජ්ජායනාව සඳහා ස්වාමීන්වහන්සේලා වැඩම කරවීම සහ ධාතු කරඬුව වැඩම කිරීම අලංකාර දේශීය නර්තන අංගයන්ගෙන් සමන්විත පෙරහැරකින් සිදු කරන ලද අතර ඒ සඳහා ගුවන් හමුදා සේවා පුද්ගලයින් හා වෘත්තීය පුහුණු පාසලේ පුහුණුවන්නන් සහභාගී වූහ. ස්වාමීන්වහන්සේලා 66 නමක් විෂයෙහි දහවල් සංඝගත දක්‍ෂිනාව සිදුකරන ලදී. දියතලාව සටන් පුහුණු පාසලේ නිළධාරීන්, සෙසු නිළයන් සහ සිවිල් සේවක මහත්ම මහත්මීන් රැුසක් මෙම අවස්ථාවට සහභාගී වූහ.

airforce_logo
ශ්‍රී ලංකා ගුවන් හමුදාව
ගුවනේ ආරක්‍ෂකයෝ
National Defence College
© 2024 ශ්‍රී ලංකා ගුවන් හමුදා තොරතුරු තාක්ෂණ අධ්‍යක්ෂකය . සියලුම හිමිකම් ඇවිරිණි