නව කෝප‍්‍රල් පත්වීමි ලද ගුවන් භටයින් සඳහා වැඩමුළුවක්
12:08pm on Tuesday 20th February 2018
කොළඹ කඳවුරු අනදෙන නිළධාරී එයාර් කොමඩෝර් ජීජීඩබ්ලිව්ටීකේ  ගුණවර්ධන මහතාගේ මගපෙන්වීමකට අනුව කොළඹ කෝප‍්‍රල් සමාජ ශාලාව හා කොළඹ කඳවුර එක්ව නව කෝප‍්‍රල් පත්වීමි ලද ගුවන් භටයින් සඳහා ඔවුන්ගේ හැකියාවන් සහ පෞද්ගලික ගුණාංග වර්ධනය කර ගැනීෙමේ වැඩමුළුවක් 2018 පෙබරවාරි මස 09 වන දින ගුවන් භට භෝජනාගාරයේදී පැවැත්විණි.

මෙහිදී නායකත්වය සහ අභිපේ‍්‍රරණය සම්භන්ධ දේශනය ගෲප් කැප්ටන් මනෝජ් කැප්පෙටිපොල විසින් මෙහෙයවන ලද අතර සමාජ චාරිත‍්‍ර හා සිරිත් සමිභන්ධ දේශනය විංග් කමාන්ඩර්  නලින් ජයතිලක (විශ‍්‍රාමික) විසින් සිදුකරන ලදී. මෙම වැඩමුළුව සඳහා  නව කෝප‍්‍රල් පත්වීමි ලද ගුවන් භටයින් 100 කට ආසන්න පිරිසක් සහභාගි විය.


airforce_logo
ශ්‍රී ලංකා ගුවන් හමුදාව
ගුවනේ ආරක්‍ෂකයෝ
National Defence College
© 2024 ශ්‍රී ලංකා ගුවන් හමුදා තොරතුරු තාක්ෂණ අධ්‍යක්ෂකය . සියලුම හිමිකම් ඇවිරිණි