ඝන අපද‍්‍රව්‍ය බැහැර කිරීමේ කළමණාකරණ වැඩසටහනක්
1:16pm on Wednesday 28th February 2018
ශ‍්‍රී ලංකා ගුවන් හමුදා කොලඹ කඳවුරු විවාහක නිවස්නයන්හි පදිංචිකරුවන් සඳහා ඝන අපද‍්‍රව්‍ය බැහැර කිරීම පිළිබඳව දැනුවත් කිරීමේ වැඩසටහනක් 2018 පෙබරවාරි මස 24 වන දින 1000 පැයට පවත්වන ලදී.

ගන අපද‍්‍රව්‍ය බැහැරකිරීම කළමණාකරණය පිළිබඳ දේශනයකින් සහ ඒකල වෘත්තීය පුහුණු පාසලේ කණ්ඩායමක් විසින් ඉදිරිපත් කරන ලද වේදිකා නාට්‍යයකින් මෙම වැඩසටහන සමන්විත විය.

පළමු දැනුවත් කිරීමේ වැඩසටහන සංකේතවත් කිරීම පිණිස කාබනික අපද‍්‍රව්‍ය බැහැර කිරීමේ බඳුන් 120 ක් ගුවන්පුර සහ කොල්ලුපිටිය විවාහක නිවස්නයන්හි වාසය කරන පුද්ගලයන් හට වැඩසටහන අවසානයේ බෙදා දීම සිදු කරන ලදී.

විධායක තත්ව පාලන නිළධාරී එයාර් කොමඩෝර රන්ජිත් සේනානායක, ගුවන්පුර විවාහක නිවස්නයන්හි වාසය කරනු ලබන නිලධාරීන්, සෙසු නිළයන් සහ පවුල්වල සාමාජික සාමාජිකාවන් මෙම අවස්ථාවට සහභාගී විය. කොළඹ කඳවුරු නිළධාරී අණදෙන සේවා ස්කොඩ්‍්‍රන් ලීඩර් සුරේෂ් ප‍්‍රනාන්දු සහ විධායක තත්ව පාලන අංශයේ සාමාජිකයින් විසින් කාබනික අපද‍්‍රව්‍ය බැහැරකිරීමේ බඳනු බෙදා දීම සිදු කරන ලදී.

කොලඹ කඳවුරු අණදෙන නිළධාරී එයාර් කොමඩෝර් වරුණ ගුණවර්ධන විසින් සිය පූර්ණ අධීක්‍ෂණය යටතේ මෙම වැඩසටහන ක‍්‍රියාත්මක කරන ලදී.

airforce_logo
ශ්‍රී ලංකා ගුවන් හමුදාව
ගුවනේ ආරක්‍ෂකයෝ
National Defence College
© 2024 ශ්‍රී ලංකා ගුවන් හමුදා තොරතුරු තාක්ෂණ අධ්‍යක්ෂකය . සියලුම හිමිකම් ඇවිරිණි