67 වැනි සංවත්සරය වෙනුවෙන් කැලණිය රජමහා විහාරයේ දී පැවති විශේෂ පිච්ච මල් පුජාව
2:16pm on Thursday 8th March 2018
කැලණිය රජමහා විහාරයේ දී 2018 මාර්තු 01 සවස ගුවන් හමුදාපතිතුමා විසින් විශේෂ පිච්ච මල් පුජාවකට සහභාගී විය. 67 වැනි සංවත්සරය වෙනුවෙන් මාතෘභූමිය හා සමස්ත ගුවන් හමුදාව වෙනුවෙන් සිය ජීවිතය පූජා කළ රණවිරුවන් සඳහා ආශිර්වාද පැතිම උදෙසා මෙම විශේෂ පිච්ච මල් පුජාව කොළඹ ගුවන් හමුදා කඳවුරු අණදෙන නිළධාරී ගුවන් කොමදෝරු වරුණ ගුණවර්ධන මහතා විසින් සංවිධානය කරන ලදි.

ගුවන් හමුදා මාණ්ඩලික ප‍්‍රධානී එයාර් වයිස් මාර්ෂල් සුමංගල ඩයස්  ගුවන් හමුදා අධ්‍යක්ෂක මණ්ඩලයෙහි නිළධාරින්  කොළඹ ගුවන් හමුදා කඳවුරේ නිළධාරින් සහ සෙසු නිලයන් සහ ඔවුන්ගේ පවුල්වල සමාජිකයන්් මෙම අවස්ථාවට සහභාගී විය.

airforce_logo
ශ්‍රී ලංකා ගුවන් හමුදාව
ගුවනේ ආරක්‍ෂකයෝ
National Defence College
© 2024 ශ්‍රී ලංකා ගුවන් හමුදා තොරතුරු තාක්ෂණ අධ්‍යක්ෂකය . සියලුම හිමිකම් ඇවිරිණි