'ගුවන් හමුදාධිපති නිවාස ව්‍යාපෘතිය' ආරම්භක නිවාස ප‍්‍රදානය සිදු කෙරේ
1:39pm on Monday 12th March 2018
ගුවන් හමුදා සේවා වනිතා ඒකකය විසින් ක‍්‍රියාත්මක කරනු ලබන ගුවන් හමුදාධිපති නිවාස ව්‍යාපෘතිය විසින් ඉදිකරන ලද පළමු නිවස සැරයන් විජේවර්ධන එච්එම් හට ප‍්‍රදානය කිරීම ගුවන් හමුදාධිපති එයාර් මාර්ෂල් කපිල ජයම්පති මහතාගේ සහ සේවා වනිතා ඒකකයේ සභාපතිනී අනෝමා ජයම්පති මහත්මියගේ ප‍්‍රධානත්වයෙන් පසුගිය 2018 මාර්තු මස 06 වන දින දොම්පේ ප‍්‍රදේශයේදී සිදු කරන ලදී.

මෙම නිවස ඉදිකිරීම සඳහා මූල්‍යමය දායකත්වය ගුවන් හමුදා සේවා වනිතා ඒකකය විසින් ලබාදුන් අතර ගුවන් හමුදා සිවිල් ඉංජිනේරු පක්‍ෂාංගය සහ ඒකල ගුවන් හමුදා වෘත්තීය පුහුණු පාසල විසින් මෙහි ඉදිකිරීම් කටයුතු සිදු කරන ලදී. මෙම ව්‍යාපෘතිය ගුවන් හමුදා සිවිල් ඉංජිනේරු අද්‍යක්‍සකයේ පූර්ණ අධීක්‍ෂණය යටතේ නාමාවට පත් කරන ලදී.

ඒකල ගුවන් හමුදා වෘත්තීය පුහුණු පාසලේ අණදෙන නිලධාරී ගෘාප් කැප්ටන් ජූඩ් පෙරේරා, නිළධාරීන්, සෙසු නිළයන් සහ සේවා වනිතා ඒකකයේ නියෝජතයින් පිරිසක්ද මෙම අවස්ථාවට සහභාගී වූහ.


 
airforce_logo
ශ්‍රී ලංකා ගුවන් හමුදාව
ගුවනේ ආරක්‍ෂකයෝ
National Defence College
© 2024 ශ්‍රී ලංකා ගුවන් හමුදා තොරතුරු තාක්ෂණ අධ්‍යක්ෂකය . සියලුම හිමිකම් ඇවිරිණි