ශි‍්‍ර ලංකා ගුවන් හමුදා දියතලාව කඳවුර ජනාධිපති වර්ණයන්ගෙන් පිදුමි ලබයි
10:16am on Wednesday 4th April 2018
ශ‍්‍රි ලංකීය නිල් අහස් තලය 67 වසරක් පුරා සුරක්ෂිත කරා වු ශි‍්‍ර ලංකා ගුවන් හමුදාව සුරකිමු ලකඹර තේමා පාඨය පෙරදැරිව අතිතයේ මෙන්ම වර්ථමානයේදි හා අනාගතයේදි තම වගකිම නිරතුරු ඉටුකරමින් දේශයේ ආරක්ෂාව මෙන්ම ලක් වැසියන්ගේ සුරක්ෂිතතාවය තහවුරු කිරිම වෙනුවෙන් නිරතුරු කැපවි සිදුකරන ලද අමිලවු මෙහෙවර ඇගයිම වෙනුවෙන් ජනාධිපති මෛත‍්‍රිපාල සිරිසේන මැතිතුමන් විසින්   2018 අප‍්‍රියල් 02 දින ජනාධිපති වර්ණ ගුවන් හමුදා දියතලාව කඳවුර වෙත ප‍්‍රධානය කරන ලදි.
 
යමිකිසි රටක සන්නද්ධ හමුදාවක් වර්ණයන්්ගෙන් පිදුමි ලැබිම යනු  එරටෙහි සංවර්ධනය කීර්තිය නිදහස උදෙසා සන්නද්ධ හමුදාවක් කරන්නාවු අපිරිමිත කැපකිරීමි මහත්සේ ඇගයීමකට ලක්කරමින් රාජ්‍ය නායකයෙක් තම හමුදාවන් වෙත ලබාදෙන්නාවු සුවිශේෂි සම්මානය ජනාධිපති වර්ණයක් ලෙස හදුන්වා දෙනු ලැබේ.

වර්ෂ 1952 දි රාජකීය ලංකා ගුවන් හමුදා කඳවුරක් ලෙස මෙම කඳවුර ස්ථාපිත කිරීමෙන් පසු වර්ෂ 1972දි  ශී‍්‍ර ලංකාව ජනරජයක් බවට පත් විමත් සමග ශී‍්‍ර ලංකා ගුවන් හමුදා කඳවුර දියතලාව නමින් මෙම කදවුර හදුන්වා දෙන ලදි මෙම පුහුණු පාසල තුලින් ගුවන් හමුදා නිළධාරින්ගේද සෙසු නිළයන්ගේද මූලික පාඨමාලාවන් හා උසස් පාඨමාලාවන් මෙන්ම අවි උපදේශක හා සරඹ උප දේශක පාඨමාලාවන්ද ශාරීරික අභ්‍යාස මූලික පාඨමාලාවන්ද ඇතුළු උසස් පාඨමාලා රාශියක් පුුහුණු කරනු ලබන අතර අභිමානවත් වු ඉතිහාසයකටත්  වර්තමානයකටත් උරුමකම් කියන ශී‍්‍ර ලංකා ගුවන් හමුදා දියතලාව සටන් පුහුණු පාසල තම නිර්මානශිලිත්වය තුලින් ජවයෙන් ශක්තියෙන් හා දැනුමෙන් පිරිපුන් වු නිළධාරින් හා සෙසුනිළයන්  රටට ජාතියට දායාද කරමින් කරන්නාවු විශිෂ්ට ඵලදායි මෙහෙවර වෙනුවෙන් අද දින ජනාධිපති වර්ණයන් ගෙන්  පිදුමි  ලැබිය.

ශී‍්‍ර ලංකා ගුවන් හමුදාවෙි ජනාධිපති වර්ණ ඉතිහාසය තුල 1976 දි ශී‍්‍ර ලංකා ගුවන් හමුදාවට ප‍්‍රථම ජනාධිපති වර්ණය හිමි වු අතර  වර්ෂ 2001 දී  ශී‍්‍ර ලංකා ගුවන් හමුදාවට වසර 50 සැපිරීම හා වර්ණ ලබා වසර 25 ක් සැපිරීම නිමිත්තෙන් නැවත එම වර්ණ යාවත් කාලීන කරන ලදි ඉන් අනතුරුව වර්ෂ 2009 දී ශී‍්‍ර ලංකා ගුවන් හමුදාව ජනාධිපති පංච වර්ණයෙන් පිදුමි ලැබු අතර එම වර්ණ පිලිවෙලින් අංක 02 ප‍්‍රවාහන බලඝණය අංක 04 හෙලිකොප්ටර් බලඝණය අංක 09 ප‍්‍රහාරක  හෙලිකොප්ටර් බලඝණය අංක 10 ජෙටි යානා බලඝණය සහ ශී‍්‍ර ලංකා ගුවන් හමුදා රෙජිෙමින්තුව විසින් හිමි කරගනු ලැබිය  ඉන් වසර 09ට පසුව අද දිනයේදි ශී‍්‍ර ලංකා ගුවන් හමුදා දියතලාව සටන්් පුහුණු පාසල ජනාධිපති වර්ණයෙන් පිදුමි ලැබිම ගුවන් හමුදා ඉතිහාසය අන්‍දාතින් ලියවු දිනයක් ලෙස අභිමානයෙන් යුතුව සදහන් කළ හැක.
 
 ශ‍්‍රී ලංකා ගුවන් හමුදා දියතලාව කඳවුර වෙත පිරිනැමුන  ජනාධිපති වර්ණ ධජය ජනාධිපති තුමන් විසින් ගුවන් හමුදාධිපති එයාර් මාර්ෂල් කපිල ජයමිපති මහතා හට පිරිනැමුනු අතර අනතුරුව දියතලාව ගුවන් හමුදා කඳවුරු අණදෙන නිළධාරි එයාර් කොමඩෝර් පීටසන් ප‍්‍රනාන්දු වෙත පිළිගන්වනු ලැබීය. වර්ණ පෙළපාලියේ අණ දෙන්නා ලෙස එයාර් කොමඩෝර් අතුල කළුආරචිචි කටයුතු කරනු ලැබු අතර අතර මෙම අභිමානවත් අවස්ථාව සදහා ගරු රාජ්‍ය ආරක්‍ෂක අමාත්‍ය රුවන් විජයවර්ධන මැතිතුමන්, ආරක්‍ෂක මාණ්ඩලික ප‍්‍රධානි අද්මිරාල් රවින්ද්‍ර විජයගුණරත්න, යුද්ධ හමුදාධිපති ලෙෆ්ටිනන් ජෙනරාල් මහේෂ් සේනානායක,  නාවික හමුදාධිපති වයිස් අද්මිරාල් සිරිමෙවන් රණසිංහ, ගුවන් හමුදා අධ්‍යක්ෂ මණ්ඩළය ඇතුළු ති‍්‍රවිධ හමුදා නිළධාරින් මෙන්ම සෙසු නිළයන් විශාල පිරිසක් සහභාගි විය.

airforce_logo
ශ්‍රී ලංකා ගුවන් හමුදාව
ගුවනේ ආරක්‍ෂකයෝ
National Defence College
© 2024 ශ්‍රී ලංකා ගුවන් හමුදා තොරතුරු තාක්ෂණ අධ්‍යක්ෂකය . සියලුම හිමිකම් ඇවිරිණි