ඉරණමඩු ගුවන් හමුදා කඳවුර ගුවන් හමුදාපතිතුමන්ගේ වාර්ෂික පරීක‍ෂණයට
10:57am on Monday 9th April 2018
ගුවන් හමුදාධිපති එයාර් මාර්ෂල් කපිල ජයම්පති මහතා ඉරණමඩු  ගුවන් හමුදා කදවුරේ සිය වාර්ෂික පරීක‍ෂණය 2018 අප‍්‍රියල් මස 06 වන දින සිදු කරන ලදී.

ආචාර පෙළපාලියේ පෙළපාලි අණදෙන්නා ලෙස කටයුතු කල කදවුරු අණදෙන නිළධාරී ගෲප් කපිතාන් හර්ෂ නානායක්කාර මහතා විසින්  ගුවන්හමුදාධිපතිතුමන් කඳවුරු පරිශ‍්‍රය වෙත පිළිගනු ලැබූ අතර මාර්ග පෙල ඛණ්ඩයක් මගින් ගුවන් හමුදාධිපතිතුමන් වෙත උත්තමාචාර පිරිනමන ලදී.

මෙහිදී  ගුවන් හමුදාවේ උන්නතිය උදෙසා කළ සේවය වෙනුවෙන් කෝප‍්‍රල් ගුණරත්න පී ඩී එන් හා කෝප‍්‍රල් වීරසේකර ඩබ්ලිව් එම් ජී කේ ජී බී යන අය ගුවන් හමුදාධිපති තුමන්ගේ ඇගයිමට ලක් විය.

මෙහිදී අළුතින් ඉදිකරන ලද කඳවුරු ප‍්‍රධාන ආයුධාගාරය ගුවන් හමුදාධිපති තුමන්ගේ සුරතින් විවෘත කිරීම සිදුකරන ලදී.

airforce_logo
ශ්‍රී ලංකා ගුවන් හමුදාව
ගුවනේ ආරක්‍ෂකයෝ
National Defence College
© 2024 ශ්‍රී ලංකා ගුවන් හමුදා තොරතුරු තාක්ෂණ අධ්‍යක්ෂකය . සියලුම හිමිකම් ඇවිරිණි