ගුවන් හමුදාධිපති නිවාස ව්‍යාපෘතියේ තුන්වන නිවස ප‍්‍රදානය කෙරේ
1:33pm on Thursday 26th April 2018
ගුවන් හමුදා සේවා වනිතා ඒකකය විසින් ක‍්‍රියාත්මක කරනු ලබන ගුවන් හමුදාධිපති නිවාස ව්‍යාපෘතිය විසින් ඉදිකරන ලද තුන්වන නිවස මියගිය එයාර් කොමඩෝර් එච්බීඩීජේ කරුණාරත්න ගේ බිරිඳ  හට ප‍්‍රදානය කිරීම ගුවන් හමුදාධිපති එයාර් මාර්ෂල් කපිල ජයම්පති මහතාගේ සහ සේවා වනිතා ඒකකයේ සභාපතිනී අනෝමා ජයම්පති මහත්මියගේ ප‍්‍රධානත්වයෙන් පසුගිය 2018 අපේ‍්‍රල් මස 23 වන දින කැස්බෑව ප‍්‍රදේශයේදී සිදු කරන ලදී.

මෙම නිවස ඉදිකිරීම සඳහා මූල්‍යමය දායකත්වය ගුවන් හමුදා සේවා වනිතා ඒකකය විසින් ලබාදුන් අතර ගුවන් හමුදා සිවිල් ඉංජිනේරු පක්‍ෂාංගය සහ කොළඹ ගුවන් හමුදා කඳවුර විසින් මෙහි ඉදිකිරීම් කටයුතු සිදු කරන ලදී. මෙම ව්‍යාපෘතිය ගුවන් හමුදා සිවිල් ඉංජිනේරු අධ්‍යක්‍ෂකයේ පූර්ණ අධීක්‍ෂණය යටතේ නිමාවට පත් කරන ලදී.

සිවිල් ඉංජිනේරු අධ්‍යක්ෂ එයාර් වයිස් මාර්ෂල් රුචිර සමරසිංහ, කොළඹ ගුවන් හමුදා කඳවුරැ  අණදෙන නිලධාරී එයාර් කොමඩෝර් වරුණ ගුනවර්ධන,  නිළධාරීන්, සෙසු නිළයන් සහ සේවා වනිතා ඒකකයේ නියෝජතයින් පිරිසක්ද මෙම අවස්ථාවට සහභාගී වූහ.




airforce_logo
ශ්‍රී ලංකා ගුවන් හමුදාව
ගුවනේ ආරක්‍ෂකයෝ
National Defence College
© 2024 ශ්‍රී ලංකා ගුවන් හමුදා තොරතුරු තාක්ෂණ අධ්‍යක්ෂකය . සියලුම හිමිකම් ඇවිරිණි