ගුවන් හමුදාධිපති නිවාස ව්‍යාපෘතියේ සිව්වන නිවස ප‍්‍රදානය කෙරේ
4:14pm on Tuesday 1st May 2018
ගුවන් හමුදා සේවා වනිතා ඒකකය විසින් ක‍්‍රියාත්මක කරනු ලබන ගුවන් හමුදාධිපති නිවාස ව්‍යාපෘතිය විසින් ඉදිකරන ලද සිව්වන නිවස හිටපු පාපැදී ශුරියක් වන යූ ඩී ශි‍්‍රයාලතා  හට ප‍්‍රදානය කිරීම ගුවන් හමුදාධිපති එයාර් මාර්ෂල් කපිල ජයම්පති මහතාගේ ප‍්‍රධානත්වයෙන් පසුගිය 2018 අපේ‍්‍රල් මස 27 වන දින තබුත්තේගම ප‍්‍රදේශයේදී සිදු කරන ලදී.

මෙම නිවස ඉදිකිරීම සඳහා මූල්‍යමය දායකත්වය ගුවන් හමුදා සේවා වනිතා ඒකකය විසින් ලබාදුන් අතර ගුවන් හමුදා සිවිල් ඉංජිනේරු පක්‍ෂාංගය සහ අනුරාධපුර  ගුවන් හමුදා කඳවුර විසින් මෙහි ඉදිකිරීම් කටයුතු සිදු කරන ලදී. මෙම ව්‍යාපෘතිය ගුවන් හමුදා සිවිල් ඉංජිනේරු අධ්‍යක්‍ෂකයේ පූර්ණ අධීක්‍ෂණය යටතේ නිමාවට පත් කරන ලදී.

සිවිල් ඉංජිනේරු අධ්‍යක්ෂ එයාර් වයිස් මාර්ෂල් රුචිර සමරසිංහල අනුරාධපුර  ගුවන් හමුදා කඳවුරැ  අණදෙන නිලධාරී එයාර් කොමඩෝර් එන් අබේසිංහ  නිළධාරීන්ල සෙසු නිළයන් පිරිසක්ද මෙම අවස්ථාවට සහභාගී වූහ.

 
airforce_logo
ශ්‍රී ලංකා ගුවන් හමුදාව
ගුවනේ ආරක්‍ෂකයෝ
National Defence College
© 2024 ශ්‍රී ලංකා ගුවන් හමුදා තොරතුරු තාක්ෂණ අධ්‍යක්ෂකය . සියලුම හිමිකම් ඇවිරිණි