ගුවන්පුර දී බාලදක්ෂ කඳවුරක්
10:13am on Wednesday 9th May 2018
57 වන කොළඹ බාලදක්ෂ කන්ඩායම විසින් පවත්වනු ලැබූ බාලදක්ෂ කඳවුරක් පසුගිය මැයි මස 04, 05 හා 06 යන දිනයන්හිදී වනාතමුල්ල තනිනායගම් දෙමළ විද්‍යාලයේදී පවත්වන ලදී.

මෙම කඳවුර සඳහා කීර්තිමත් පුහුණුකරුවන් රැසක් සහභාගී වූ අතර සිතියම් කියවීම් පහුණුව සඳහා සහකාර දිස්ත‍්‍රික් කොමසාරිස්  කැප්ටන් ජයතිලක (විශ‍්‍රාමික) ත් පිහිනිම හා ජීවිත ආරක්ෂාව පිළිබඳ උපදෙස් පිහිනුම් බැජ් පරීක්ෂක රීසා ඒසූර් මහතාද දුනු විදීමේ පුහුණු කටයුතු දුනු විදීමේ සංචිතයේ බලපන්ති සැරයන් ඉෂාන් විසින්ද ප‍්‍රවීණ බාලදක්ෂ උපදේශිකාවක හා ගුරුවරියක වන ඉනෝකා මහත්මිය විසින් ඉවුම් පරීක්ෂාව ද සහකාර දිස්ත‍්‍රික්  කොමසාරිස් දර්ශා හෙට්ටිආරච්චි මහතා විසින් ලොග් පොත් සැකසීම හා කදු නැගීම සම්බන්ධවත් විංග් කමාන්ඩ පාගොඩ මහතා විසින් ගිනි නිවාරණය පිළිබඳවත් මෙහිදී දේශන පවත්වන ලදී.

කඳවුරු ගිනිමැලය දැල්වීම මැයි මස 05 වන දින සිදු කරනු ලැබූ අතර එහි ප‍්‍රධාන ආරාධිතයා වශයෙන් ගුවන් හමුදා කොළඹ කඳවුරු අණදෙන නිළධාරී එයාර් කොමඩෝර් වරුණ ගුණවර්ධන මහතා සහභාගි විය. මේහා සමගාමීව අවුරුදු ක‍්‍රීඩා හා අයිස් කී‍්‍රම් දන්සැලක්ද සංවිධානය කෙරිණි.

airforce_logo
ශ්‍රී ලංකා ගුවන් හමුදාව
ගුවනේ ආරක්‍ෂකයෝ
National Defence College
© 2024 ශ්‍රී ලංකා ගුවන් හමුදා තොරතුරු තාක්ෂණ අධ්‍යක්ෂකය . සියලුම හිමිකම් ඇවිරිණි