ශ‍්‍රී ලංකා හමුදා වෛද්‍ය විද්‍යාලයේ නව සභාපති තෝරා ගැනීමේ නිළ සමාරම්භක උත්සවය
10:24am on Monday 28th May 2018
ශ‍්‍රී ලංකා හමුදා වෛද්‍ය විද්‍යාලයේ නව සභාපති තෝරා ගැනීමේ නිළ සමාරම්භක උත්සවය 2018 මැයි 20 වන දින 1900 පැයට කොළඹ ශැන්ග‍්‍රි ලා හෝටලයේ ලෝටස් බෝල්රූම් හිදී පවත්වන ලදී. ගුවන් හමුදාධිපති එයාර් මාර්ෂල් කපිල ජයම්පති මහතා ප‍්‍රධාන ආරාධිත අමුත්තා වශයෙන් මෙම අවස්ථාවට සහභාගී වූ අතර ශ‍්‍රී ලංකා වෛද්‍ය සංගමයේ සභාපති, දේශමාන්‍ය විද්‍යාජෝති මහාචාර්ය කොල්වින් ගුණරත්න මහතා ගෞරවණිය ආරාධිතයා වශයෙන් මෙම අවස්ථාවට සහභාගී විය.

මෙහිදි ප‍්‍රධාන ආරාධිත අමුත්තා ඇතුළු පිරිස උත්සව සභාව වෙත කැඳවාගෙන ඒම ගුවන් හමුදා බෑග් පයිප් වාදක කණ්ඩායම පෙරටු කොට ගත් අලංකාර පෙරහැරකින් සිදු කරන ලදී. ධුරයෙන් ඉවත්ව යන ශ‍්‍රී ලංකා හමුදා වෛද්‍ය විද්‍යාලයේ සභාපති මේජර් ජෙනරාල් එස්එච් මුණසිංහ විසින් පිළිගැනීමේ කථාව සිදු කරන ලදී.

ගෞරවණීය ආරාධිත අමුත්තා වශයෙන් සහභාගී වූ මහාචාර්ය කොල්වින් ගුණරත්න මහතා විසින් ශ‍්‍රී ලංකාවේ සහ ලෝකයේ ෙඖෂධ විකාශනය පිළිබඳ විස්තර කරන ලදී. මෙහිදි සටන්බිමේදී තම ජීවිතයට වෙනස්කමක් එක්කරගනු ලැබූ අත්දැකීම් ආශ‍්‍රයෙන් හමුදා පුද්ගලයන්ගේ ජීවිතවල ෙඖෂධ වැදගත්කම පිළිබඳව උත්සවයේ ප‍්‍රධාන ආරාධිත අමුත්තා විසින් විස්තර කරන ලදී.

එයාර් වයිස් මාර්ෂල් එල් ආර් ජයවීර පිළිබඳව කෙටි උපුටාදැක්වීම විශ‍්‍රාමික එයාර් වයිස් මාර්ෂල් එන්එච් ගුණරත්න විසින් සිදු කරන ලද අතර අනතුරුව ධූරයෙන් ඉවත්ව යන් ශ‍්‍රී ලංකා හමුදා වෛද්‍ය විද්‍යාලයේ සභාපති විසින් ඉදිරි වසර සඳහා පත්වූ නව සභාපතිවරයා හට ධූරයේ රාජකාරීන් භාරකරන ලදී. මෙහිදි නව සභාපති ගුවන් හමුදා සෞඛ්‍ය සේවා අධ්‍යක්‍ෂක එයාර් වයිස් මාර්ෂල් එල්ආර් ජයවීර විසින් ”සටන් භූමිය ඉක්මවා ගිය හමුදා වෛද්‍ය සේවය” යටතේ සභාව අමතන ලදී. ඔහු විසින් යූධ භූමියේ වෛද්‍ය විද්‍යාව සහ එහි අතීතය හා ත‍්‍රිවිධ හමුදා වෛද්‍ය සේවාවේ දියුණුව පිළිබඳව විස්තර කරන ලදී. එසේම ශ‍්‍රී ලංකා හමුදා වෛද්‍ය විද්‍යාලයේ  සහ ජාත්‍යන්තර හමුදා වෛද්‍ය සංගම් සමල ඒකාබද්ධව වැඩකටයුතු කිරීම හා ඒ සඳහා ගනු ලබන අනාගත සැලසුම් පිළිබඳවද අදහස් දක්වන ලදී.

ත‍්‍රීවිධ හමුදාවේ විශ‍්‍රාමික වෛද්‍ය සහ දන්ත වෛද්‍ය නිළධාරීන් රැසක්, ත‍්‍රිවිධ හමුදාවේ ජ්‍යේෂ්ඨ නිළධාරීන්, වෛද්‍ය වෘත්තියේ ප‍්‍රවීණයන් රැුසක්ද මෙම අවස්ථාවට එක්වූහ.


airforce_logo
ශ්‍රී ලංකා ගුවන් හමුදාව
ගුවනේ ආරක්‍ෂකයෝ
National Defence College
© 2024 ශ්‍රී ලංකා ගුවන් හමුදා තොරතුරු තාක්ෂණ අධ්‍යක්ෂකය . සියලුම හිමිකම් ඇවිරිණි