ශ‍්‍රී ලංකා ගුවන් හමුදාව මගින් ප‍්‍රථිසංස්කරණය කරණ ලද පාසැල් ගොඩනැගිල්ලක් සිසු අයිතියට
1:28pm on Thursday 14th June 2018
පොළොන්නරුව සිංහරාජගම විද්‍යාලයේ ප‍්‍රථිසංස්කරණය කරණ ලද පාසැල්  ගොඩනැගිල්ලක් එම විද්‍යාලයේ විදුහල්පති තුමන් හට භාරදීම ශ‍්‍රී ලංකා ගුවන් හමුදා හිගුරක්ගොඩ මූලික කදවුරු අණදෙන නිළධාරී ගෲප් කැප්ටන් වී බී එදිරිසිංහ මහතා අතින් සිදුවිය. මෙම ගොඩනැගිල්ල  ශ‍්‍රවණාගාරයක්, නැටුම් කාමරයක්, ගෘහ විද්‍යාගාරයක් හා කාර්යාල කාමර දෙකකින් සමන්විත වේ.

මෙම ප‍්‍රථිසංස්කරණ කටයුතු සදහා අනුග‍්‍රහය දක්වන ලද්දේ ශ‍්‍රී ලංකා ගුවන් හමුදා සේවා වනිතා ඒකකය මගින් වන අතර ඉදිකිරීම් කටයුතු ගුවන් හමුදා සිවිල් ඉංජිනේරු අධ්‍යෂකයේ අධීක්ෂනය යටතේ  හිගුරක්ගොඩ මූලික කදවුරු සිවිල් ඉංජිනේරු පක්ෂාංගය මගින් (රජරට නවෝදය සංවර්ධන ව්‍යාපෘතිය යටතේ) සිදුකරණ ලදී.


 
airforce_logo
ශ්‍රී ලංකා ගුවන් හමුදාව
ගුවනේ ආරක්‍ෂකයෝ
National Defence College
© 2024 ශ්‍රී ලංකා ගුවන් හමුදා තොරතුරු තාක්ෂණ අධ්‍යක්ෂකය . සියලුම හිමිකම් ඇවිරිණි