ඉන්දියාවේ සංචාරයක නිරත වූ ප‍්‍රථම තිවිධ හමුදා සාමාජිකයන් සහ පවුල්වල සාමාජිකයින් නැවත පැමිණෙයි
2:40pm on Monday 2nd July 2018
ඉන්දියාවේ සංචාරයක නිරත වූ ප‍්‍රථම තිවිධ හමුදා සාමාජිකයන් සහ පවුල්වල සාමාජිකයින් පිරිස 2018 ජූුනි මස 26 වන දින කටුනායක බණ්ඩාරනායක අන්තර්ජාතික ගුවන් තොටුපලින් ඉන්දීය ගුවන් හමුදාවේ සී-17 වර්ගයේ ප‍්‍රවාහන ගුවන් යානාවක් මගින් දිවයිනට ලඟාවිය. ගුවන් හමුදා නිළධාරීන් 03 කු සහ ගුවන් භට ගුවන් කාන්තාවන් 16 දෙනෙකු මෙම කණ්ඩායමට ඇතුළත් විය.

මෙම කණ්ඩායම 2018 ජූනි මස 24 වන දින ගයාහි නිළධාරී පුහුණු විද්‍යාපීඨයේ සංචාරයක නිරත වූ අතර එහිදී ඔවුන් සංස්කෘතික සංදර්ශනයක් නැරඹීමේන් අනතුරුව නිළධාරී නිවස්නයේ රාත‍්‍රී භෝජන සංග‍්‍රහයකටද සහභාගී වූහ. මෙම කණ්ඩායම බුද්ධගයාව, මහාබෝධිය ඇතුළු ස්ථාන රැුසක් නරමන ලදී.

airforce_logo
ශ්‍රී ලංකා ගුවන් හමුදාව
ගුවනේ ආරක්‍ෂකයෝ
National Defence College
© 2024 ශ්‍රී ලංකා ගුවන් හමුදා තොරතුරු තාක්ෂණ අධ්‍යක්ෂකය . සියලුම හිමිකම් ඇවිරිණි