ගුවන් හමුදා ප‍්‍රදර්ශණය හා සැනකෙළිය දෙවන දින
2:59pm on Wednesday 25th July 2018
ගුවන් හමුදා ප‍්‍රදර්ශණය හා සැනකෙළිය දෙවන දිනටත් සාර්ථකව ආරම්භ කරන ලදී. මෙම ප‍්‍රදර්ශණය හා සැනකෙළිය සුපුරුදු පරිදි ප.ව 02.00 සිට රාත‍්‍රී 10.00 දක්වා ගාස්තුවකින් තොරව මහජනතාවට නැරඹීමේ අවස්ථාව හිමිවේ.

පළමු දින (2018 ජූනි මස 20) ප‍්‍රදර්ශනය සහ සැණකෙළිය  ගුවන් හමුදාධිපති එයාර් මාර්ෂල් කපිල ජයම්පති මහතා විසින් නිළ වශයෙන් ආරම්භ කිරීමෙන් අනතුරුව දරුවන් සහ වැඩිහිටියන් භේදයකින් තොරව ප‍්‍රදර්ශනය නැරඹීමට විශාල පිරිසක් එක් වූහ.

ප‍්‍රථම දිනයේ 13000 කට අධික ජනතාවක් සහභාගී වූ අතර දෙවන දිනයේදීද 32500 කට අධික  ජනකායක් ප‍්‍රදර්ශනය සහ සැණකෙලිය නැරඹීමට එක්වූහ. රාත‍්‍රී සංගීත ප‍්‍රසංගය සිවිල් ආරක්ෂක දෙපාර්තුමේන්තු සංගීත කන්ඩායම් සංගීතයෙන් වර්ණවත් වූ අතර ශී‍්‍ර ලංකා ගුවන් හමුදාධිපති එයාර් මාර්ෂල් කපිල ජයම්පති මහතා, ගුවන් හමුදා සේවා වනිතා ඒකකයේ සභාපතිනී අනෝමා ජයම්පති මහත්මිය, ගුවන් හමුදා මාණ්ඩලික ප‍්‍රධානී එයාර් වයිස් මාර්ෂල් සුමංගල ඩයස්  ඇතතුළු නිළධාරීන් පිරිසක්ද මෙම අවස්ථාවට සහභාගි විය.

මෙම ප‍්‍රදර්ශණය ජූලි මස 22 දින අවසන් වන අතර එදිනට පර්පල් රේන්ජ් සංගීත කණ්ඩායම් සංගීතයට ගුවන් හමුදා නර්තන කණ්ඩායම හා දිවයිනේ දක්ෂ ගායක ගායිකාවන් රැසක් වේදිකාව වර්ණවත් කරණු ඇත.
 

airforce_logo
ශ්‍රී ලංකා ගුවන් හමුදාව
ගුවනේ ආරක්‍ෂකයෝ
National Defence College
© 2024 ශ්‍රී ලංකා ගුවන් හමුදා තොරතුරු තාක්ෂණ අධ්‍යක්ෂකය . සියලුම හිමිකම් ඇවිරිණි