පැසිෆික් ඒන්ජල් අභ්‍යාසය 2018 - 04
8:22am on Thursday 9th August 2018
ශ‍්‍රී ලංකා ගුවන් හමුදා සෞඛ්‍ය සේවා අධ්‍යක්‍ෂකය ඇමරිකානු ගුවන් හමුදාව සමග එක්ව සංවිධානය කරන පැසිෆික් ඒන්ජල් අභ්‍යාසය යටතේ පවත්වන ලද ගුවන්වෛද්‍ය සහ ජීවිතබේරාගැනීමේ දැනුම් හුවමාරු කරගැනීමේ වැඩසටහන මෙවර  වව්නියාව අනුරාධපුර හිගුරක්ගොඩ රත්මලාන සීගිරිය මූලික කරගනිමින් අගෝස්තු මස 06 සිට 20 දක්වා සිදුකිරීමට නියමිතය.

මෙම වැඩ සටහන වසරකට වරක් තෝරාගත් රටවල පවත්වන අතර ඒකාබද්ධ මානූෂිය සහ ආපදා සහනසේවා වැඩසටහනකි. මෙවර ශ‍්‍රී ලංකාවේ පවත්වනු ලබන සිව්වන වැඩසටහන වන අතර එහිදී සාමාන්‍ය සෞඛය දන්ත අක්ෂි ළමා රෝග හා ඉංජිනේරු වැඩසටහන් මෙන්ම විවිධ විෂය ක්ෂේත‍්‍රවල විශේෂතා දැනුමද දෙරටේ පාර්ශව අතර හුවමාරු කර ගනී.

අනුරාධපුරයෙන් ඇරඹි වැඩසටහන කොළඹ වව්නියාව හා අනුරාධපුර නගර මූලික කර මෙම මස 20 තෙක් සිදුකරනු ලබයි.

සීගිරිය කදවුර


අනුරාධපුර මූලික කදවුර
airforce_logo
ශ්‍රී ලංකා ගුවන් හමුදාව
ගුවනේ ආරක්‍ෂකයෝ
National Defence College
© 2024 ශ්‍රී ලංකා ගුවන් හමුදා තොරතුරු තාක්ෂණ අධ්‍යක්ෂකය . සියලුම හිමිකම් ඇවිරිණි