58 වන කණිෂ්ඨ අණ හා මාණ්ඩලික පාඨමාලාව ආරම්භ වෙයි
12:08pm on Monday 20th August 2018
අංක 58වන කණිෂ්ඨ අණ හා මාණ්ඩලික පාඨමාලාව 2018 අගෝස්තු මස 13 වන දින චීන වරාය ගුවන් හමුදා විද්‍යපීඨ, කණිෂ්ඨ අණ හා මාණ්ඩලික විද්‍යලයේදී ආරම්භ කරන ලදී.මෙම අවස්ථාවට අණදෙන නිලධාරි ගෲප් කැප්ටන් එස්ඩිජිඑමි සිල්වා සහභාගි විය.

පාඨමාලාවේ ප‍්‍රධාන ධාන උපදේශක හා ජේෂ්ඨ උපදේශක පාඨමාලාවේ වැදගත් අංග පිළිබඳව ශිෂ්‍ය නිළධාරීන් දැනුවත් කරන ලදී.

ශ‍්‍රී ලංකා ගුවන් හමුදාවේ නිළධාරීන් 22 ක් ,ශ‍්‍රී ලංකා යුධ හමුදාෙව හා ශී‍්‍ර ලංකා නාවික හමුදාව නියෝජනය කරන නිලධාරීන් දෙදෙනෙක්  බංග්ලාදේශය, ඉන්දියාව, නේපාලය, පකිස්ථානය සහ එක්සත් ජනපදයෙන් එක් නිලධාරියෙක් බැගින් 2018 අගෝස්තු මස 13 වන දින  සිට 2018 නොවැම්බර් මස 16 දින දක්වා සති 14 ක කාලයක් මෙම පාඨමාලාව පැවැත්වෙි.

airforce_logo
ශ්‍රී ලංකා ගුවන් හමුදාව
ගුවනේ ආරක්‍ෂකයෝ
National Defence College
© 2024 ශ්‍රී ලංකා ගුවන් හමුදා තොරතුරු තාක්ෂණ අධ්‍යක්ෂකය . සියලුම හිමිකම් ඇවිරිණි