ශ‍්‍රී ලංකා ගුවන් හමුදාව හදවතට හදවත භාර අරමුදල සඳහා මිලියනයක් පරිත්‍යාග කරයි
10:02am on Monday 3rd September 2018
ශ‍්‍රී ලංකා ගුවන් හමුදාධිපති එයාර් මාර්ෂල් කපිල ජයම්පති මහතා විසින් හදවතට හදවත භාර අරමුදල සඳහා මිලියනයක මුදලක් පරිත්‍යාග කිරීම 2018 අගෝස්තු මස 27 වන දින ගුවන් හමුදා මූලස්ථානයේදී සිදු කරන ලදී. භාර අරමුදලේ සම නිර්මාතෘ දොස්තර රුවන් ඒකනායක මහතා විසින් අරමුදල් භාර ගන්නා ලදී.

භාර අරමුදලේ ජාතික සංවිධායක ලුතිනන් ජෙනරාල් ජගත් ඩයස් (විශ‍්‍රාමික* සහ භාර අරමුදලේ සම නිර්මාතෘ දොස්තර රජිත වයි ද සිල්වා යන මහත්වරුද මෙම අවස්ථාවට සහභාගී වූහ.

හදවත හදවත භාර අරමුදල 2014 වසරේදී ආරම්භ කරන ලද අතර එමගින් ඉක්මන් හදවත් සැත්කම් සිදු කිරීමට අවශ්‍ය රෝගීන් සහ රජයේ රෝහල් වල දීර්ඝ කාලයක් ලැයිස්තුගතව සිට තවමත් සැත්කම් සිදු කිරීමට නොහැකි වූ රෝගී සඳහා උපකාර කිරීම සිදු කරනු ලබයි. 2014 වසරේ සිට 2018 වසරේ මේ දක්වා භාර අරමුදල මගින් හදවත් සැත්කම් 135 ක් පමණ සිදු කර තිබේ.

 
airforce_logo
ශ්‍රී ලංකා ගුවන් හමුදාව
ගුවනේ ආරක්‍ෂකයෝ
National Defence College
© 2024 ශ්‍රී ලංකා ගුවන් හමුදා තොරතුරු තාක්ෂණ අධ්‍යක්ෂකය . සියලුම හිමිකම් ඇවිරිණි