සලාක සහායක සහ භෝජනාගාර භාරකරු උසස් පාඨමාලා සඳහා සහතික පත් ප‍්‍රදානය කෙරේ
10:14am on Tuesday 4th September 2018
ගුවන් හමුදා සැපයුම් අධ්‍යක්‍ෂක එයාර් වයිස් මාර්ෂල් එච්එම්එස්කේබී කොටකදෙණිය මහතාගේ මගපෙන්වීම හා සීගිරිය ගුවන් හමුදා කඳවුරු අණදෙන නිලධාරී විංග් කමාන්ඩර් චින්තක අල්විස් ගේ අධීක්‍ෂණය යටතේ පවත්වන ලද සලාක සහායක සහ භෙෘජනාගාර භාරකරු උසස් පාඨමාලාවේ (01/2018* සහතික පත් ප‍්‍රදානය 2018 අගෝස්තු මස 28 වන දින සීගිරිය ගුවන් හමුදා කඳවුරු සත්කාරක කළමනාකරණ පුහුණු පාසලේදී පවත්වන ලදී.

මාස හයක් පුරාවට පවත්වන ලද උසස් පුහුණු පාඨමාලාව හැදෑරූ ගුවන් භටයින් මෙම පුහුණු පාඨමාලාවේදී සලාක සහායක සහ භෝජනාගාර භාරකරුවන්ගේ වෘත්තීය වගකීම්, ආහාර සකසුම් ක‍්‍රියාවළිය සහ පරිපාලනය්, පරිපාලන සහ රාජ්‍ය නොවන ගිණුම් පිළිබඳ දැනුම, සනීපාරක්‍ෂාව, සාමාන්‍ය කෑම පිසීම, මුළුතැන්ගෙය කළමනාකරණය, ඉංග‍්‍රීසි භාෂාව පිළිබඳ දැනුම, පරිගණක සහ ව්‍යාපෘති සූදානම් කිරීම පිළිබඳව අවධානය යොමු කරන ලදී. 

ශ‍්‍රී ලංකා ගුවන් හමුදා ප‍්‍රසම්පාදන අංශයේ, ප‍්‍රසම්පාදන දෙපාර්තමේන්තු නිලධාරී (ටෙන්ඩර්* ගෲප් කැප්ටන් ධම්මික සමරකෝන් මහතා ප‍්‍රධාන ආරාධිත අමුත්තා වශයෙන් මෙම අවස්ථාවට සහභාගී විය.

සීගිරිය ගුවන් හමුදා කඳවුරු අණදෙන නිළධාරී විංග් කමාන්ඩර් චින්තක අල්විස්, සත්කාරක කළමනාකරණ පාසලේ ප‍්‍රධාන පුහුණු උපදේශක ෆ්ලයිට් ලෙෆ්ටිනන්ට් දුලන්ත කුරේ, නිළධාරීන් සහ සෙසු නිළයන් රැුසක් මෙම අවස්ථාවට සහභාගී වූහ.

මෙහිදී භෝජනාගාර භාරකරුවන් 7 දෙනෙකු සහ සලාක සහායක ගුවන් භටයින් 24 දෙනෙකු හට සහතික පත් ප5දානය කරන ලදී.

සලාක සහායක  පාඨමාලාවේ දක්‍ෂතම ශිෂ්‍යයා සම්මානය නායක ගුවන් භට ප‍්‍රනාන්දු ඩබ්කේඑච්එස් විසින් සහ භෝජනාගාර භාරකරු පාඨමාලාවේ දක්‍ෂතම ශිෂ්‍යයා සම්මානය නායක ගුවන් භට අරවින්ද පීඑම්එස්සී විසින් දිනා ගන්නා ලදී.

 
airforce_logo
ශ්‍රී ලංකා ගුවන් හමුදාව
ගුවනේ ආරක්‍ෂකයෝ
National Defence College
© 2024 ශ්‍රී ලංකා ගුවන් හමුදා තොරතුරු තාක්ෂණ අධ්‍යක්ෂකය . සියලුම හිමිකම් ඇවිරිණි