අධිකාරී නොලත් නිලධාරීන්ගේ කළමණාකරන පාසල සිය වසර 18 සේවා කාලය සම්පූර්ණ කරයි
10:24am on Tuesday 4th September 2018
චීන වරාය ගුවන් හමුදා විද්‍යාපීඨයේ සථාපිත ගුවන් හමුදා අධිකාරී නොළත් නිළධාරීන්ගේ කළමණාකරන පාසල සිය 18 වන සංවත්සරය 2018 සැප්තැම්බර් මස 01 වන දින චීනවරය විධ්‍යාපීට පීඨාධිපති එයාර් කොමඩෝර් එච්එස්එස් තුයියකොත්තා මහතාගේ සහ අණදෙන නිළධාරී විංග් කමාන්ඩර් ආර්ඒඩීඑස්ජේපී රණසිංහ මහතාගේ සහභාගීත්වයෙන් සමරන ලදී.

සංවත්සර දිනයට සමගාමීව 2018 අගෝස්තු මස 19 වන දින ත‍්‍රිකුණාමළය මිහිඳුපුර විද්‍යාලයේ ශ‍්‍රමදාන ව්‍යාපාරයක් සහ ක‍්‍රීඩා උපකරණ ප‍්‍රදානයක් සිදු කරන ලදී. 2018 අගෝස්තු මස 30 වන දින චීනවරාය බෝධිරාජ විහාරස්ථානයේ බොධ්පූජා පිංකමක් පවත්වන ලදී.

2018 සැප්තැම්බර් මස 01 වන දින සංවත්සර දින පෙළපාලිය විද්‍යාපීඨ පෙළපාලි භූමියේ පවත්වන ලද අතර අනතුරුව වොලිබෝල් සහ කඹ ඇදීමේ තරඟාවළියක් මාර්බල් බීච් වෙරල තීරයේදී පවත්වන ලදී.

 
airforce_logo
ශ්‍රී ලංකා ගුවන් හමුදාව
ගුවනේ ආරක්‍ෂකයෝ
National Defence College
© 2024 ශ්‍රී ලංකා ගුවන් හමුදා තොරතුරු තාක්ෂණ අධ්‍යක්ෂකය . සියලුම හිමිකම් ඇවිරිණි