ගුවන් හමුදාධිපති වාර්ෂික පරීක්‍ෂණය කටුනායක ගුවන් හමුදා කඳවුර - පළමු සැසිය
10:19am on Thursday 18th October 2018
ගුවන් හමුදාධිපති එයාර් මාර්ෂල් කපිල ජයම්පති මහතා විසින් කටුනායක ගුවන් හමුදා කඳවුරේ ගුවන් හමුදාධිපතිතුමාගේ වාර්ෂික පරීක්‍ෂණය (පළමු සැසිය) 2018 ඔක්තොම්බර් මස 11 වන දින පවත්වන ලදී.

කඳවුරු අණදෙන නිළධාරී එයාර් වයිස් මාර්ෂල් ප‍්‍රසන්න පායෝ විසින් අණදෙනු ලැබූ පෙළපාලිය ගුවන් හමුදාධිපතිතුමන් විසින් නිරීක්‍ෂණය කරන ලදී. බලලත් නිළධාරීන් 02 දෙනෙකු, ජ්‍යෙෂ්ඨ අණ නොලත් නිළධාරීන් 11 දෙනෙකු, කණිෂ්ඨ අණ නොලත් නිළධාරීන් 08, නායක ගුවන් භටයින් 04 සහ එක් සිවිල් සේවක මහත්මයෙකු හට ඔවුන් ඉටුකරන ලද කාර්යයන් වෙනුවෙන් ගුවන් හමුදාධිපති ඇගයීම් සහතික පිරිනමන ලදී.

කඳවුරු පරීක්‍ෂණය අතරතුරදී ගුවන් හමුදාධිපතිතුමන් විසින් කඳවුරු කලාප අංක 1 නිරීක්‍ෂණය කරන ලද අතර කඳවුරේ අනෙකුත් කලාප 2018 ඔක්තොම්බර් මස 12 වන දින නිරක්‍ෂණය කිරීමට නියමිතය.

airforce_logo
ශ්‍රී ලංකා ගුවන් හමුදාව
ගුවනේ ආරක්‍ෂකයෝ
National Defence College
© 2024 ශ්‍රී ලංකා ගුවන් හමුදා තොරතුරු තාක්ෂණ අධ්‍යක්ෂකය . සියලුම හිමිකම් ඇවිරිණි