ගුවන් නියමුවන් පුහුණු කිරිෙමි නව ගුවන් යානා 06 ක් ගුවන් හමුදාවට
11:14am on Friday 19th October 2018
ශි‍්‍ර ලංකා ගුවන් හමුදාවේ ගුවන් නියමුවන් පුහුණු කිරිම හා ගුවන් කරනමි සංදර්ශන සදහා යොදාගනු ලබන PT-6  වර්ගයේ ගුවන් යානා 06 ගුවන් හමුදාව මගින් අවසාන වශයෙන් භාර ගැනිමෙි උත්සවය ගුවන්  හමුදාධිපති එයාර් මාර්ෂල් කපිල ජයමිපති මැතිතුමන් විසින් 2018 ඹක්තෝම්බර් මස 17 දින ගුවන් හමුදා මුලික කදවුර කටුනායකදි සිදුවිය.

චිනයේ AVIC  සාමාගමෙන් මිලදි ගනු ලැබිමෙන් පසුව එම ගුවන් යානා කොටස් වශයෙන් දිවයිනට රුගෙන එන ලදි. ගුවන් හමුදා ගුවන් යානා කාර්මික ශිල්පින් හා චින AVIC සමාගෙමි ගුවන් යානා කාර්මික ශිල්පින් සමග එක්ව ශි‍්‍ර ලංකාෙවිදි මෙම ගුවන් යානා එකලස් කරන ලද අතර ඉන්පසු ශි‍්‍ර ලංකා ගුවන් හමුදාවේ ගුවන් නියමුවන් විසින්  මෙම ගුවන් යානා පියාසරකර එහි යෝග්‍යයතාවය පරික්ෂා කිරිමෙන් අනතුරුව ගුවන් හමුදාව වෙත ගුවන් යානා නිළ වශයෙන් භාර ගැනිම සිදුවිය.
 
මෙලෙස ගුවන් හමුදාවට අළුතින් එක් වු PT-6 වර්ගයේ ගුවන් යානා අළුතින් බදවා ගන්නා ගුවන් නියමුවන්ගේ මුලික පුහුණුකිරිෙමි කටයුතු සදහා ගුවන් හමුදා චිනවරාය විද්‍යාපිඨ කදවුර වෙත භාරදිමට නිමිතව ඇත. මිට අමතරව ශි‍්‍ර ලංකා ගුවන් හමුදාවෙි ස්ථාපිත කිරිමට නියමිත ගුවන් කරනමි සංදර්ශන කණ්ඩායමෙි ආරමිභයද මෙි සමග සිදුවනු ඇත.

මෙම අවස්ථාව සඳහා ගුවන් හමුදා මාණ්ඩලික ප‍්‍රධානි ඇතුළු ගුවන් හමුදා අධ්‍යක්‍ෂ මණ්ඩලයේ නිළධාරීන්, මෙන්ම ගුවන් හමුදාවේ ජේ්‍යෂ්ඨ නිළධාරීන් හා චිනයේ AVIC සාමාගමෙි නියෝජිතයින් පිරිසක් සහභාගි විය.


 
airforce_logo
ශ්‍රී ලංකා ගුවන් හමුදාව
ගුවනේ ආරක්‍ෂකයෝ
National Defence College
© 2024 ශ්‍රී ලංකා ගුවන් හමුදා තොරතුරු තාක්ෂණ අධ්‍යක්ෂකය . සියලුම හිමිකම් ඇවිරිණි